අමාමි සන්නාමයේ 30 වැනි සංවත්සරය | සිළුමිණ

අමාමි සන්නාමයේ 30 වැනි සංවත්සරය

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසුදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ (Amami) අමාමී සන්නාමයේ 30 වන සමරු උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයාර් ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්‍යාපාරය වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත් පේස්ට්, ග්ලිසරින් සබන්, සුවඳ කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාක සාර නිෂ්පාදන රැසක් නිපදවයි.

ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථක ප්‍රතිඵල අත්විඳින අමාමි නිෂ්පාදන සඳහා සංචාරකයන් ගෙන් ද ඉහළ ප්‍රතිචාර ලැබී ඇත. එම නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස්, අනන්තය ආදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි.

Comments