
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම දුරකතන ක්‍රියාකරු වන හච්, සිය අලෙවි වෙළෙඳ නියෝජිතයන් ඇගැයීම වෙනුවෙන් සංවිධානය කරන ලද "ගෞරවාභිමාන 2023" සම්මාන උළෙල මෑතක දී අති සාර්ථක ලෙස පවත්වන ලදී. සිය වෙළෙඳ නියෝජිතයන් 2023 පළමු මාස 4 තුළ සිදුකරන ලද සුවිශේෂී කාර්ය සාධනය සහ ඔවුන්ගේ අඛණ්ඩ උත්සාහය සහ නොසැලෙන කැපවීම මෙහි දී ඇගැයීමට ලක් වූ අතර ඒ වෙනුවෙන් රන් කාසි පිරිනැමීමද සිදු විය. විශිෂ්ට වෙළෙඳ නියෝජිතයන් හඳුනාගැනීමට අමතරව හොඳම ක්‍රියාකාරී බෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩලය මෙහි දී ඇගැයීමට ලක් කරන ලදී.