රාජකීය රග්බි කණ්ඩායමේ නිල සන්නිවේදන හවුල්කරු SLT-MOBITEL | Page 2 | සිළුමිණ

රාජකීය රග්බි කණ්ඩායමේ නිල සන්නිවේදන හවුල්කරු SLT-MOBITEL

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL, කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල දුරකතන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත් වී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර් පාසල් රග්බි ශූරතා තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටින අතර, ඉන් අනතුරුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවැත්වෙන සුප්‍රකට Bradby Shield වාර්ෂික තරගයට ඔවුන් සහභාගී වනු ඇත. පසුගිය වසර 6 දීම Bradby කුසලානය දිනාගැනීමට කොළඹ රාජකීය පිල සමත් වූ අතර, මෙම වසරේ දී ද එම ජයග්‍රහණය තමන් සතු කරගැනීම රාජකීය පිලේ බලාපොරොත්තුව වී තිබේ. එම බලාපොරොත්තුව යථාර්ථයක් කරගැනීමට දිරිදෙන අතරම, රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස SLT-MOBITEL මෙලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේය.

Comments