ධන සම්පත් උදා කරන ධනදා ස්තෝත්‍රය | Page 2 | සිළුමිණ

ධන සම්පත් උදා කරන ධනදා ස්තෝත්‍රය

මෙම ධනදා ස්තෝත්‍ර හත පුරාණයේ සිට මේ පිළිබඳ දත් අය පරම්පරාවෙන් පරම්පරාවට රහසිගතව භාවිත කළ මුත් පරම්පරාවෙන් පිට නොදීම ඔවුන් සතු යම් සිරිතක්ව පැවැතිණි. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව වන පාර්වතී මෑණියන්ගේ අවතාරයක් වන ධනදා දේවිය මීට අධිපති වන්නීය. කාලීනව ඇය ධන ලක්ෂ්මී නම් නාමයෙන් වැඳුම් පිදුම් ලබන්නීය.

මේ පූජාව සඳහා නි‍ෙවසේ පිරිසිදු කාමරයක් හෝ සාලයේ උතුරු දිශාවට අයත් ස්ථානයක් තෝරා ගන්න. එහි අඩි 3 1/2ක් පමණ හෝ ඊට වඩා උස මේසයක් තබා ඒ මත සුදු ඇතිරිල්ලක් එළන්න. ඊශ්වර සහ පාර්වතී දෙවඟන සිටින පින්තූරයක් ඒ මත තැන්පත් කර ඉන්පසු පහනක් දල්වා පිළිමයට හෝ පින්තූරයට සුවඳ දුම් දෙමින් මෙම ස්තෝත්‍ර හත උදේ සවස ගායනා කළ යුතුය. එහිදී ඔබගේ නි‍ෙවසේ, ව්‍යාපාරික ස්ථානයේ මූ දේවිය පලා ගොස් ශ්‍රී දේවිය පැමිණෙනවා ඇත. පස්පවින් වැළකී නිර්මාංසව මේ පූජාව කරන්නේ නම් ඉතා ඉක්මනින් එහි පල ලැබිය හැකි බව අත්දැකීමෙන් සහ මේ පූජාව පරම්පරාවේ භාවිත කළ නිසා වගකීමෙන් කිව හැකිය.

තවත් කෙනෙකුගේ යහපත උදෙසා මේ පූජාව සිදු කරන අයුරු අනාවරණය කරන්නේ සද්භාවයෙනි.

1 නමඃ සර්ව ස්ව රූපේච

හමඃ කල්යාන ධායිතේ

මහා සම්පත් ප්‍රදේ දේවී

ධන දායෙයි නමෝස් තුතේ

 

2. මහා බෝග ප්‍රදේ දේවී

මහා කාම ප්‍රපුරිතේ

සුබ මෝක්ෂ ප්‍රදේ දේවී

ධන දායෙයි නමොස්තුතේ

3. බ්‍රහ්ම රූපේ සදා නන්දේ

සදා නන්ද ස්වරූපිණී

ද්‍රැත සිද්ධී ප්‍රදේ දේවී

ධන දායෙයි නමෝස් තුතේ

4. උද්‍යම් සූර්ය ප්‍රකාශානේ

උද්‍යා ධාදිත්ය මණ්ඩලේ

ශිව තත්ව ප්‍රද දේවී

ධන දායෙයි නමෝස්තුතේ

5. විෂ්ණු රූපේ විශ්ව මතේ

විශ්ව පාලන කාරිනී

මහා සත්ව ගුණ කාන්තේ

ධන දායෙයි නමෝස්තුතේ

6. ශිව රූපේ සිමා නන්දේ

කාරණා නන්ද විග්‍රහේ

විශ්ව සංහාර රූපේච

ධන දායෙයි නමෝස්තුතේ

7. පංච තත්ව ස්ව රූපේච

පංචාර සදා රතේ

සාධකා නිශ්ධද්‍රා දේවී

ධන දායෙයි නමොස්තුතේ

 

පිළිවෙත

බදාදා, සෙනසුරාදා දිනවල පහත සඳහන් දෑ භාවිත කර පූජාව පැවැත්විය යුතුය. අනෙක් දිනවල පහන් ආලෝකය සහ සුවඳ දුම් දීම පමණක් සෑහේ.

පිළිමයට හෝ රූපයට සුදු මල් මාලා දෙකක් පලඳවන්න. තැඹිලි තෙල් පහනක් දල්වන්න. සුදු වතින් සැරසී පහන් දල්වා සුදු මල් වට්ටි හෝ ඒ හා සමාන වෙනත් සුවඳ ඇති මල් වට්ටි දෙකක් පිළිමය හෝ පින්තූරය ඉදිරියේ තැන්පත් කර සුවඳ දුම් දෙන්න. ඒ අතර පුදසුන පුරා පිනි දියර ද ඉසින්න. හැකිනම් පමණක් පලතුරු පූජාවක් තැබීම ද සුදුසුය. අමු කපුරු පෙති පහක් දල්වන්න. ඉන්පසු තෙරුවන් වැඳ උදේ සවස මෙම ස්තෝත්‍ර හත කියන්න. කරණීයමෙත්ත සූත්‍රය කියා අවසන පින් දෙන්න. මෙයින් ඔබට තිබූ කරදර පහව ගොස් පවුලේ සමගිය සමාදානය නිතැතින්ම උදා වී දියුණුව සැලසෙන බව ඉතා විශ්වාසයෙන් කිව හැකිය.

 

 

 

ජ්‍යොතිර්වේදී, මන්ත්‍රාචාර්ය

ඒ.සී. ජයසිංහ

Comments