
ඊයේ (09) රාත්‍රියේ මන්නම්පිටිය ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් අතුරුදහන් වූවන් සොයා අද පෙරවරුවේ ද නාවික හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙයි
ඊයේ රාත්‍රී 7.30 ට පමණ සිදු වූ මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 42 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහල වෙත ඇතුළත් කර තිබෙයි.
අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථය පොලොන්නරුවේ සිට කාතතාන්කුඩි බලා යමින් සිටියදී මන්නම්පිට්ය කොට්ටඩි පාලම අසල දී මෙම අනතුර සිදු වී ඇත.
එම බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.