හිමිනමට හා කාන්තාවන් දෙදෙනෙකුට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ් | Page 4 | සිළුමිණ

හිමිනමට හා කාන්තාවන් දෙදෙනෙකුට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ්

නවගමුව ප්‍රදේශයේ හිමිනමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහර දෙමින් හිරිහැර කිරීම පිළිබදවත් එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම පිළිබදව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
 
ඊට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. 
 
භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී. භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පිරිසක් පොලු මුගුරුවලින් පහරදෙනු මෙහි අන්තර්ගතව ඇත. භික්ෂුවට ද ඇතැම් පිරිස් එහිදී පොලු මුගුරුවලින් පහර දෙනු දක්නට ලැබේ.
 
මෙසේ නීතිය අතටගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා(07 ) බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබුණි.
 
 

Comments