හෙරිටන්ස් හෝටල් සමූහයට Culinary Art තරගාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ රැසක් | Page 2 | සිළුමිණ

හෙරිටන්ස් හෝටල් සමූහයට Culinary Art තරගාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම හෝටල් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයේ ප්‍රධානතම හෝටල් ජාලය වන හෙරිටන්ස් හෝටල් සමූහය මෑතකදී ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද සූප ශාස්ත්‍ර කලා තරගාවලියේදී (Culinary Art ) විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වීය. එහිදී හෙරිටන්ස් හෝටල් සමූහයට අයත් හෙරිටන්ස් අහුන්ගල්ල හෝටලයේ සූපවේදී කණ්ඩායම දකුණු පළාත් හෝටල් අතරින් හොඳම සූපවේදී කණ්ඩායම ලෙසටත් හෙරිටන්ස් කණ්ඩලම​ හෝටලයේ සූපවේදී කණ්ඩායම සංස්කෘතික ත්‍රිකෝණයට අයත් හෝටල් අතරින් හොඳම සූපවේදී කණ්ඩායම ලෙසටත් තේරී පත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූපවේදී තරගාවලියක් වන මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින අති දක්ෂ සූපවේදී කණ්ඩායම් සහභාගී වන අතර හෙරිටන්ස් අහුන්ගල්ල හෝටලයේ සූපවේදීන්ගේ දස්කම් එහිදී කැපී පෙනිනි. එම කණ්ඩායමේ සාමාජිකයෙක් වූ නුවන් චන්දිමාල් සජීවී ඉවුම්පිහුම් අංශයෙන් සුවිශේෂී දක්ෂතා දක්වමින් ඒ අංශයේ හොඳම සූපවේදියා ලෙස තේරී පත් වුණු අතර, අරුණ චින්තන පේස්ට්‍රි නිර්මාණයේ සිය දක්ෂතා දක්වමින් එම අංශයේ ද හොඳම සූපවේදියා ලෙසින් තේරී පත් වීමට සමත් විය. ඊට අමතරව මල්ෂි රෙබෙකා ලු‍ඩොවික් Mixology අංශයෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් එහි හොඳම තරගකාරිය ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වූවාය. කොක්ටේල් නිර්මාණයෙහි ලා සිය දස්කම් මනාවට ප්‍රදර්ශනය කළ මල්ෂි රෙබෙකා එම අංශයේ ප්‍රථමයා වශයෙන් විශිෂ්ට රන් පදක්කමත්, විවිධ තරග ඉසව් නියෝජනය කරමින් රන් සම්මාන 1ක්, රිදී සම්මාන 1ක් සහ ලෝකඩ සම්මාන 2ක් වශයෙන් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වීම ඉතාම සුවිශේෂී විය.

Comments