
මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට හැට දෙවසරක් සැපිරිණි. ඒ වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් මාලාවක් මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට මහජන බැංකු බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව කටයුතු කරන ලදි.
ඒ අනුව, මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ මහා පුණ්‍යෝත්සවය ජූනි මස 30 සහ ජුලි මස 1 දෙදින තුළ පැවැත්විණි. මේ යටතේ ජූනි මස 30 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද, පසුදින මහා සංඝරත්නය හැට දෙනමක් විෂයෙහි සපිරිකර දානමය පින්කමක්ද සංවිධානය කෙරිණි. එමෙන්ම මහජන බැංකු හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව සංවිධානය කළ ආගමික වැඩසටහන ජුලි මස 04 වැනි දින පැවැත්විණි.
රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලූ නායකයින්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා පැවති මෙම ආගමික වැඩසටහන් සඳහා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුඑ ආයතනික හා විධායක කළමනාකාරිත්වය බැංකු කාර්ය මණ්ඩලය හා විශ්‍රාමික සේවක පිරිස්ද සහභාගි විය.