කොමර්ෂල් බැංකුවෙන් ප්‍රථම යොවුන් ඩිජිටල් බැංකු ගිණුමක් | Page 2 | සිළුමිණ

කොමර්ෂල් බැංකුවෙන් ප්‍රථම යොවුන් ඩිජිටල් බැංකු ගිණුමක්

දරුවන් තුළ මූල්‍ය ස්වාධීනත්වය හා වගකීම් සහගත මූල්‍ය කළමනාකරණය පිළිබඳ කුසලතා පෝෂණය කිරීමට මවුපියන් දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සිය සම්මානලාභී ‘Flash’ ඩිජිටල් බැංකු ගිණුම් යෙදුමේ දිගුවක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රථම යෞවන ඩිජිටල් බැංකු ගිණුම වන ‘Flash FAM’ දියත් කර ඇත.

මෙරට ප්‍රථම යොවුන් ඩිජිටල් බැංකු ගිණුම වන මෙම උත්තේජජනක නව විශේෂාංගය වයස අවුරුදු 10 සිට 17 දක්වා දරුවන්ට ඔවුන්ගේ දෛනික ගනුදෙනු සහ ඉතුරුම් සඳහා භාවිතා කිරීමට හැකිවේ. මේ සඳහා දැනටමත් Flash ගිණුමක් හිමි මවුපියන් හට ඔවුන්ගේ Flash ප්‍රධාන ගිණුම තුළින්ම තම දරුවා ලියාපදිංචි කර ඔහු හෝ ඇය සඳහා වෙනමම පිවිසුමක් සාදා ගත හැක.

‘Flash FAM’ ගිණුම මගින් දරුවන් හට තම ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, හදිසි අවශ්‍යතා සඳහා තම මවුපියන්ගෙන් හෝ භාරකරුවෙකුගෙන් මුදල් ඉල්ලා සිටීම, මුදල් හුවමාරු කිරීම හා LankaQR ගෙවීම් ඇතුළු බැංකු ගනුදෙනු රාශියක් සිදු කළ හැකිය. ‘Flash FAM’ යොවුන් ඩිජිටල් ගිණුම සමඟ මාර්ගගත මිලදී ගැනීම් සහ ATM යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීම සඳහා භාවිතා කළ හැකි ඩෙබිට් කාඩ්පතක් ද හිමි වේ.

ඔවුන්ගේ ම යෙදවුමක් සහ කාඞ්පතක් සමඟ දරුවන්ගේ ඩිජිටල් මූල්‍ය ගමන ආරම්භ කිරීම සඳහා නිර්මාණය කර ඇත. ‘Flash FAM’ යොවුන් ගනුදෙනුකරුවන්ට මූල්‍ය නිදහස ලබා දෙන අතර මුදල් ඉපැයීම, මුදල් ඉතිරි කිරීම සහ වගකීම් සහගතව මුදල් වියදම් කිරීම වැනි කුසලතා වර්ධනය කර ගැනීමට ද අවස්ථාව ලබා දෙන බව බැංකුව පවසයි. බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇති පරිදි ‘Flash FAM’ පරිශීලකයින්ගේ 18 වැනි උපන්දිනයෙන් පසු මෙම ගිණුම් ස්වයංක්‍රීයව ඔවුන්ගේම ‘ComBank Flash’ ගිණුම් බවට පරිවර්තනය වේ.

Comments