වැස්සත් එක්ක ඩෙංගු වැඩි වෙයි | Page 3 | සිළුමිණ

වැස්සත් එක්ක ඩෙංගු වැඩි වෙයි

වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුව ඇති අතර, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 48ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජූලි මාසයේ පළමු දින 6 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 1,481ක් වාර්තා වී ඇති අතර මේ වසරේ මේ දක්වා සිදුවී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 32කි.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛාව 50,801ක් වන අතර ඉන් සියයට 50.1ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

Comments