රාජ්‍ය භාෂා අයිතිය ගැන මෙරට පුරවැසි දැනුම අල්පයි | Page 2 | සිළුමිණ

රාජ්‍ය භාෂා අයිතිය ගැන මෙරට පුරවැසි දැනුම අල්පයි

1956 සිට දශක හයක් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවද මෙරට පුරවැසියන් සතුව රාජ්‍ය භාෂා අයිතිය පිළිබඳව ඇති දැනුම ඉතා අල්ප බව රාජ්‍ය භාෂා කොමිසන් සභාවේ සභාපති නීතිඥ ඩී. කලන්සූරිය පවසයි. රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් නිකුත් කොට ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා පුරවැසියන්ට රාජ්‍ය භාෂා අයිතිය ව්‍යවස්ථාවෙන්ම ලැබී තිබුණද, ඔවුනගේ භාෂා අයිතිය පිළිබඳ දැනුම අල්ප වීමෙන් එකී භාෂා අයිතිය කඩවීම් ගැන මෙරට වැසියන්ට අවබෝධයක් නැති බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටී. ලංකාවේ සිංහල හා දෙමළ ජනතාවට තම කැමති භාෂාවකින් රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන මඟින් ලබා ගැනීමේ තමන් නිල භාෂා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද තහවුරු කොට ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Comments