
ආණ්ඩුව මේ ගත් තීරණයේ දෙපැත්තක් ඇති බවද එය ඉහළ පෙළැන්තියට වාසියක් වෙනවා සේම කුඩා තැන්පතුකරුවන්ට අහිමි වන ආධායම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවන බව සජබ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිළුමිණට පෙන්වා දුන්නේය. කුඩා තැන්පතුකරුවන්ට ලොකු අවාසියක් වන බැවින් එයට විකල්පයක් ලබා දීමෙන් පසුව අඩු කර ඇති බවත් එහෙත් තැරැව්කරුවන්ට ලැබෙන ලාභයේ වෙනසක් සිදුව නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව මුදල් උපයා ගැනීමේ අරමුණින් පොලී අනුපාත වැඩි කළ බව පෙන්වා දුන් හඳුන්නෙත්ති පැවසුවේ ලාභයක් බෙදීයාමේ සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතු බවයි.
ආණ්ඩුව මේ දේ කළ යුතුව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්රීවරයා මෙසේද කීය. පොලී අනුපාත ස්ථාවර තත්ත්වයකට ගෙන ආ යුත්තේ සියලු දෙනා ගැන හිතලයි. ආණ්ඩුවකට හැමදාම පොලී අනුපාත ඉහළ දාගෙන ඉන්න බැහැ. පොලී අනුපාතය ස්ථාවර තත්ත්වයකට පැමිණිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. පහළ මට්ටමේ ජනතාවට යම් ආකාරයට සාධාරණයක් වන ආකාරයට මෙය කළ යුතුයි. ආයෝජන යම් දිරිගැන්වීමක්ද මෙමඟින් සිදු වෙනවා. ඒහෙත් ආණ්ඩුව මැදිහත් වෙලා සියලු දෙනාටම සාධාරණයක් වන ආකාරයට ප්රතිපත්තිමය තීරණයක් ගත යුතුයි‘‘