පොලී අනුපාතය අඩු කිරීම කුඩා තැන්පතුකරුවන්ට ගැටලුවක් | Page 2 | සිළුමිණ

පොලී අනුපාතය අඩු කිරීම කුඩා තැන්පතුකරුවන්ට ගැටලුවක්

ආණ්ඩුව මේ ගත් තීරණයේ දෙපැත්තක් ඇති බවද එය ඉහළ පෙළැන්තියට වාසියක් වෙනවා සේම කුඩා තැන්පතුකරුවන්ට අහිමි වන ආධායම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවන බව සජබ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිළුමිණට පෙන්වා දුන්නේය. කුඩා තැන්පතුකරුවන්ට ලොකු අවාසියක් වන බැවින් එයට විකල්පයක් ලබා දීමෙන් පසුව අඩු කර ඇති බවත් එහෙත් තැරැව්කරුවන්ට ලැබෙන ලාභයේ වෙනසක් සිදුව නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුව මුදල් උපයා ගැනීමේ අරමුණින් පොලී අනුපාත වැඩි කළ බව පෙන්වා දුන් හඳුන්නෙත්ති පැවසුවේ ලාභයක් බෙදීයාමේ සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතු බවයි.

ආණ්ඩුව මේ දේ කළ යුතුව තිබූ බව  පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා වැඩිදුර­ටත් ප්‍රකාශ කළේය. 
 
වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් සජබ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා මෙසේද කීය. පොලී අනු­පාත ස්ථාවර තත්ත්ව­ය­කට ගෙන  ආ යුත්තේ  සියලු දෙනා ගැන හිත­ලයි. ආණ්ඩු­ව­කට හැම­දාම පොලී අනු­පාත ඉහළ දාගෙන ඉන්න බැහැ. පොලී අනු­පා­තය ස්ථාවර තත්ත්ව­ය­කට පැමි­ණිය යුතුයි. ඒ ගැන විවා­ද­යක් නැහැ. පහළ මට්ටමේ ජන­තා­වට යම් ආකා­ර­යට සාධා­ර­ණ­යක් වන ආකා­ර­යට මෙය කළ යුතුයි. ආයෝ­ජන යම් දිරි­ගැ­න්වී­මක්ද මෙම­ඟින් සිදු ­වෙ­නවා. ඒහෙත් ආණ්ඩුව මැදි­හත් වෙලා සියලු දෙනා­ටම සාධා­ර­ණ­යක් වන ආකා­ර­යට ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක් ගත යුතුයි‘‘   

Comments