ජන සභා ක්‍රමයට සංවර්ධන නිලධාරී සහාය | Page 4 | සිළුමිණ

ජන සභා ක්‍රමයට සංවර්ධන නිලධාරී සහාය

ජාතික ජන සභා ලේකම් කාර්යාලය මඟින් විධිමත් ක්‍රියාවලියකින් යෝජනා කර ඇති ජන සභා ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබාදීමට සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංවිධාන මෙම තීරණය ගනු ලැබුවේ ජාතික ජන සභා ලේකම් කාර්යාලයේදී 7 වන සිකුරාදා පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

එම සාකච්ඡාවේදී එම සංගම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දේශපාලන අධිකාරියේ උදවුවකින් තොරව ගොඩ යෑමට නොහැකියි යන මිථ්‍යාවකින් ලංකාවේ බහුතරයක් ජනතාව පෙළෙන බවය. එසේම ජන සභා ලේකම්වරයා තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් මඟින් රාජ්‍ය සේවයෙන් අන්තර්ග්‍රහණය කරගැනීමේ වැදගත්කමද එම සංගම් අවධාරණය කළේය.

Comments