කාන්ති ගුණතුංග ජීවන රඟමඬලට සමුදෙයි | Page 3 | සිළුමිණ

කාන්ති ගුණතුංග ජීවන රඟමඬලට සමුදෙයි

‍මෙරට සිනමාවේ අයස්කාන්ත නිළියක වූ කාන්ති ගුණතුංග ඉකුත් 07 වැනිදා ‍ මෙලොවින් සමුගත්තාය. ඇය මියයන විට 86 වැනි වියේ පසුවිය. ඇගේ අවසන් කටයුතු නවසීලන්තයේදී සිදු කිරීමට නියමිතය.‍

1937 මාර්තු 23 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ උපත ලැබූ කාන්ති ගුණතුංග අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු දෙහිවල ප්‍රෙස්බිටේරියන් විද්‍යාලයට ඇතුළත් වූවාය.

පසුව මියුසියස් විද්‍යාලයට ඇතුළත් වූ ඇය ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙන ගනිමින් සිටියදී ප්‍රථම සිනමා රංගනයට එක්විය. ඒ සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ‘සුරංගනී' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ එඩී ජූනියර් සමඟය. 1956 දී ලංකාදීප ජයන්ති පංච කල්‍යාණි තරගයෙන් ජයග්‍රහණය ලැබූ කාන්ති ගුණතුංග ඒ වන විට 19 වැනි වියේ පසුවූවාය. ජනප්‍රිය චිත්‍රපට නිළියක වූ ඇය ‘දොස්තර’, ‘දුප්පතාගේ දුක’, ‘ශූරයා, සූරසේන’, ‘වනමෝහිනි’, ‘සංදේශය’ ආදී චිත්‍රපටවලට රංගනයෙන් දායක වූවාය.‘ වනමෝහිනි’ චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟි ඇය පසුව ඇය විදෙස්ගත විය.

Comments