බුද්ධිය වර්ධනය කරන බුධ ග්‍රහයා ගැන දැනගන්න | සිළුමිණ

බුද්ධිය වර්ධනය කරන බුධ ග්‍රහයා ගැන දැනගන්න

 

සිංහ ලග්න හිමියන්ට හැර අනෙක් සියලු ලග්න හිමියන්ට බුධගෙන් උපකාර

ජීවිතය පවත්වාගෙන යන්නට අවශ්‍යම ග්‍රහයා

බුධ ගැන කියන ශ්ලෝකය

 

මිල මුදල් වස්තු ඉඩකඩම්වලට ආසා වූවාට මේ කියන්න යන ග්‍රහයා ඒ කිසිවකට කැමැති නැත. හැබැයි හතුරු වුවහොත් හැම එකක්ම නැති කරල දමලා සිහිය හිර කරනවා. වැඩිපුරම හැම විටම හැම කෙනාටම උදවු කරනවා. ඒත් සිංහ ලග්නයන්ට හැර කේන්ති ගියොත් සැරයි. පාසල් යන ළමුන්ට ආදරෙයි. ඒ වුණත් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගවලට වාඩිවන ළමයින්ට පාඩු කරනවා. ගුරු නැත්නම් සුරගුරු සමඟ අරියාදු වෙලා. හැබැයි ඒ වෙලාවට විතරයි වැඩිපුරම ඉන්නේ පෘථිවියට ළඟින්ම වගේ පියවි ඇසට පෙනෙන්නෙ නැහැ.

සෞර ග්‍රහ මණ්ඩලයේ අම්මා චන්ද්‍රයා නම්, පියා රවි, බ්‍රහස්පති ගුරුවරයා - ඒ වගේම ඇමති තමයි බුධ ග්‍රහයා. ඉතාම කුඩා තරුවකි. චන්ද්‍රයා නැත්නම් සඳ මෙන් අර්ධයයි. බුධ හැම විටම තාත්තා නැත්නම් රවිට අංශක 28 හෝ 30කට වඩා දුරස් වන්නේ නැහැ. එසේම බුධට රෑ - දහවල් කියලත් නැහැ. මොකද සූර්යයා ළඟින්ම සිටින නිසාවෙනි. බුධ හැම රාශියකට හොඳයි. සිංහයට හැරෙන්නට. බුධ කිව්වේ බුද්ධියට අධිපතියාය. පාසල් යන ළමයින්ට විභාග කාලයේදී බුධ මහ දසාවේ ගුරු අතුරු දසාවද නැත්නම් ගුරු මහ දසාවේ බුධ අතුරු දසාව ගෙවනවානම් ශිල්පය පටලවනවා. ඒ කිව්වේ භවයෙන් ගෙනා දැනුමයි නිර්දේශයට ඉගෙන ගත් දැනුමයි පටලවනවා. ඉතින් ළමයින්ට නිවැරදි දේ ලියා ගන්ට බැරුව විභාග අසමත් වනවා දැනුම තිබියදීම. එතකොට තමයි දරුවන්ට නවනාථය යන්ත්‍රය පලඳන්නේ.

බුධ හොඳයි කිව්වට තව එකක් කියන්නම් කෙනෙකුට බුධ හතුරු හෝ නීචනම් ඒ කිව්වේ සිංහ තුලා - වෘශ්චික - ධනු ලග්න හිමි අයව සිහිය නැති කරන කොට ගොඩක් ප්‍රවේශම් වන්ට ඕනෑ. මොකද මේ අය නැවත සිහිය ගන්වන්ට හරි අමාරුයි. අනික මේ අයව මෝහනය කරන්නෙත් නැහැ. ඉහත කී ලග්න හිමියන් ශල්‍යකර්මවලදී දෙවරක් හිතන්න.

බුධ නරක් වුණාම ලොකු පිපාසයක්, උගුරේ වේළීමක් ඇති වේවි. බුධට අයිති ශරීරයේ කොටස් තමයි දිව - උගුර - නාසය, නහර පැවැත්ම - ශරීරයේ ඇතුළු සිවි - විශේෂයෙන් සිහිය.

මිථුන - කන්‍යා රාශි අයිති බුධට. බුධ ලග්න හිමියන්ට පිටින් හතුරො හැදෙන්නෙ නැත. එකට කාලා-බීලා හිටපු අය තමයි මාරකයා වන්නේ. මම කිව්වනේ බුධ බුද්ධියට අධිපතියා කියලා. හැකිතරම් බුද්ධිය වර්ධනය කරන්න බුධ සමත් වනවා. ඒ බුද්ධිය මීළඟ භාවයට ගෙනියන්ට ඔය එක එක පුංචි ළමයි පුංචි කාලේදීම හිතන්න බැරි වික්‍රමයන් කරන්නෙ. ඒ නිසා බුධද වතුපිටි දේපළ කිසිවෙක් ඕනෑ නැහැ. අවශ්‍ය දැනුම වර්ධනය විතරයි. බුධ ඒක ගබඩා කරගෙන ඊළඟ භවයන්ට ගෙනියනවා.

බුධ ගැන තවත් දැනගන්න මේ ශ්්ලෝකයෙන් පුළුවනි.

"ප්‍රියංගුකලී කාශ්‍යපයියං -

රූපේන බුධධං ප්‍රතිමං

සෞමං සෞම්‍ය ගුනෝපේතං -

ශාං බුද්ධං පුනාමයං"

බුධ රෝග පාලනයට දක්ෂය. අනික බුධ පැණි රසවලට හරි ගිජුය. ඒත් කන්න වෙන්නේ පාලනයට යටත්වය. බුධ ලාභියො තමයි නීතිඥයෝ, ලාභ ලබන වෙළෙන්දෝ. බුධ ජීවිතය පවත්වාගෙන යන්ට අවශ්‍යම ග්‍රහයා වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

Comments