චමරි ශ්‍රේණිගත කිරීම්වල අංක 01 වෙයි | Page 2 | සිළුමිණ

චමරි ශ්‍රේණිගත කිරීම්වල අංක 01 වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම ICC එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබේ. 
 
නවසීලන්තයට එරෙහිව ඊයේ(03) නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් 33 හැවිරිදි ඇය මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත.
 
චමරි අතපත්තු මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 758 කි.
 
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
 
මීට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම් ඉතිහාසයේ අංක 1 ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩකයා වන්නේ සනත් ජයසූරිය පමණි.

Comments