
තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ''මුතු රාජා'' හෙවත් ''සක්සුරින්'' අද(02) උදෑසන යළිත් ආපසු තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය.
මෙම ඇතා ගුවන් මගින් රැගෙන යාම සඳහා රුසියාවේ ඉලුෂියන් – 76 වර්ගයේ , ඇංජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පසුගිය 30වැනිදා රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව වාර්තාවේ.
විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා මුතු රාජා අද අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතා පරිස්සමෙන් රැගෙන යමාට පියවර ගෙන තිබූ අතර අලුයම 04.30 ට පමණ මෙම ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කර තිබේ.
රුසියානු එවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.එසෙඩ්.එස්.- 5701 ( AZS – 5701 ) දරන ගුවන් යානයෙන් උදෑසන 07.30 කටුනායක ගුවන් තොටුපොළෙන් , තායිලන්තයේ බැංකොක් නුවර
” ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් ඇත.
මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාලයක් ගත වන බව සදහන් කෙරේ.
