
- රුපියල් 30 ඒකකය 10ක් වෙයි
- 400 ස්ථාවර ගාස්තුව 150ට බසී
විදුලි ගාස්තු ජුලි 1 සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් අඩුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ඒකක 30ක් දක්වා වන මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක ගාස්තු අඩු වීමක් සිදුවන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ. ස්ථාවර මාසික ගාස්තුව රුපියල් 400 සිට 150 දක්වා අඩු වේ. ඒකක 60ට අඩු කාණ්ඩයේ ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු වෙනු ඇත.
ඒකක 91ත් 120ත් කාණ්ඩය සඳහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු වේ.
ආගමික ස්ථාන සඳහා සියයට 16ක ගාස්තු අඩුවීමක්ද අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින්. (රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරේ).