
අස්වැසුම සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි සිළුමිණට පැවසීය.
අස්වැසුම අභියාචනා හා විරෝධතා ලබාදීමට ලබන 10 වැනිදා දක්වා අවස්ථාව සලසා දී ඇති බව ද හෙතෙම කියා සිටියේය. අස්වැසුම සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබෙන අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීමට ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් අභියාචනා මණ්ඩල පිහිටුවීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා බලපත්‍ර දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බව ද ඔහු හෙළි කළේය.