බැංකු සහ මූල්‍යායතනයන්හි ට්‍රිලියන 15කට (රුපියල් කෝටි 150,000) තැන්පතු මුදල් තිබෙන බවත් ඒ වෙනුවෙන් ගිණුම් මිලියන 57ක් විවෘත කර ඇතැයිද මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ ඉකුත්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එම සියලු තැන්පතු ආරක්ෂා කිරීම වෙනුවෙන් බැංකු පද්ධතිය ආරක්ෂා කළ යුතු යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ පෙන්වා දුන්නේය.
රජයේ ණය බර අඩු කිරීම වෙනුවෙන් උපරිම දායකත්වයක් බැංකු හා මූල්‍ය ආයතන හරහා ලබාදෙන බවත් ඒ අනුව බැංකු හා මූල්‍යායතන විසින් තම ආදායමෙන් 50.5%ක බදු ප්‍රතිශතයක් රජයට හෝ භාණ්ඩාගාරයට ලබාදෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. සියලු බැංකු හා මූල්‍යායතන විසින් 30%ක් Cooperative Tax ලෙසත් 18% ක් මූල්‍ය සේවා බද්ද ලෙසත් 2.5%ක් සමාජ ආරක්ෂණ බදු ලෙසත් ගෙවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. එවන් අතිවිශාල බදු ප්‍රතිශතයක් ලබා දෙන බැංකු හෝ මූලයායතන වෙත තවත් කිසිදු ලෙසකින් බර පැටවිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 22ක් පමණ වුවත් බැංකු ගිනුම් මිලියන 57ක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. පසුගිය කොවිඩ් සමයේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ණය නොගෙවීම නිසා බැංකු පද්ධතියට ට්‍රිලියන 1ක පමණ පාඩුවක් සිදුවී ඇතැයිද ඊට අමතරව ණය සහන ලබා දීම නිසා බැංකු පද්ධතියට තවත් පාඩු සිදුව තිබෙන බවද ඔහු අවධාරණය කළේය.