ජගත් නිවුන් පර්යේෂණ සම්මේලනයේ මහ ලේකම් ධුරය මහාචාර්ය සුමතිපාලට | Page 3 | සිළුමිණ

ජගත් නිවුන් පර්යේෂණ සම්මේලනයේ මහ ලේකම් ධුරය මහාචාර්ය සුමතිපාලට

ඉකුත් 15 වෙනිදා සිට 18 දක්වා හංගේරියාවේ පවත්වනු ලැබූ නිවුන් පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ මහ සභා රැස්වීමේදී 2024/25 යන වසරයන්හි මහ ලේකම් තනතුර සඳහා මහාචාර්ය අතුල සුමතිපාල තේරී පත් වී ඇත.

ලොව පුරා සක්‍රියව පවත්වා ගෙන යනු ලබන නිවුන් පර්යේෂණ සංවිධාන හා ලේඛනාගාර 60ක් පමණ මේ සංගමයේ සාමාජිකත්වය දරන අතර මහාචාර්ය සුමතිපාලගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය විසින් විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට එක් කළ නව දැනුම් සම්භාරය මෙම ධුරයට පත්වීමට ප්‍රධාන සුදුසුකමක් විය. මෙම සම්මේලනයේ 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමටද එහිදී තීරණය විය.

Comments