ග්‍රහ අපල වළක්වන මැණික් ප්‍රතිකාරය | සිළුමිණ

ග්‍රහ අපල වළක්වන මැණික් ප්‍රතිකාරය

මැණික් ප්‍රතිකාරය ග්‍රහ අපලවලට ප්‍රමුඛ පිළියමක් වන්නේය. මැණික් යනු අසීමිත විශ්ව ශක්තියක් ගබඩා කරගත්, පෘථිවියේ උපදින දුර්ලභ ගල් හෙවත් පාෂාණ විශේෂයක් වේ. එසේම අතිශයින් බලවත් සහ ඉතා මිල අධික සේම අතිවිශේෂ අලංකාර පාෂාණ විශේෂයක් ලෙසද හඳුන්වා දීමට හැකිය. මැණික් සහ ග්‍රහයන් අතර තිබෙන සම්බන්ධය ඉතාම පුළුල් එකකි.

ජ්‍යොතිෂය ගොඩනැඟි තිබෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය සහ විශ්වයේ පවත්නා වූ ග්‍රහ වස්තු පදනම් කරගෙනයි. ඒ වගේම මේ විශ්වයේ ඇති පංච මහා භූතයන්ගේ විවිධාකාර වූ බලපෑම් හෝ ආකර්ෂණය මත මිනිස් චින්තනය ක්‍රියාත්මක වෙනවා. එසේනම් මෙම භූත සංයෝග කොටස් කෙරෙහි විශ්වයේ පවත්නා ග්‍රහයන්ගේ ආකර්ෂණය සහ සම්බන්ධතාවන් විවිධ වේ.

අප ජීවත් වන මේ පෘථිවි ගෝලයේ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේ භෞතික ගණයේ වූ විවිධාකාර ඛනිජ ලෝහ වර්ග රාශියක් තිබෙනවා. ඒ ඛනිජ ලෝහ වර්ග කෙරෙහි සෞර ග්‍රහයන්ගේ බැඳීම් සහ බල පැවැත්වීම තිබේ. ඒ අනුව එම බලය අනුව පුද්ගලයා කෙරෙහි බලපවත්වන ග්‍රහ තත්ත්වයන් වෙනස් කරගැනීමට අප විසින් විවිධාකාරයේ ඒ ඛනිජ ලෝහ වර්ග හෙවත් මැණික් පළඳිනු ලබයි. මැණික්වලට අපල දුරු කිරීමේ අසීමිත බලයක් තිබෙන අතර ග්‍රහයන්ගේ ආකර්ෂණ ශක්තිය සහ ග්‍රහ බලය වැඩි කිරීමේ අසීමිත ශක්තියක්ද තිබෙනවා. ජ්‍යොතිෂයේදී අපට වේදීය මැණික් ප්‍රතිකාර ක්‍රමය මඟින් යම් යම් ග්‍රහ අපල සඳහා විශේෂයෙන් රැකියා කටයුතුවලට ඇතිවන බාධාකාරී තත්ත්වයන්ට පිළියමක් ලෙස මැණික් පැළඳීම නිර්දේශ කරන්නට පුළුවනි.

 

 ජ්‍යොතිෂවේදී සම්පත් එස් කල්පගේ

Comments