
රැකියාව ගැන කියන්නේ ජන්ම පත්‍රයක 10 වැන්නෙන්
රැකියාව නැතහොත් ජීවන වෘත්තිය අප සැමට අතිශයින් වැදගත් වන්නේය. කෙනෙකුගේ ජීවිත පැවැත්ම සඳහා රැකියාව වනාහි අත්‍යවශ්‍ය වූ අංගයක් වන්නේය. ඒ තුළින් යම් මුදලක් උපයා ගත හැකි වනු ඇත. යම් පුද්ගලයෙකුට උසස් හෝ තමාට ගැළපෙන රැකියාවක් හිමි වීම කෙරෙහි පුද්ගලයාගේ ජයග්‍රාහී වේලාව බලපානු ඇත.
යම් පුද්ගලයෙකුගේ ජීවන රැකියාව පිළිබඳ අපට ජන්ම පත්‍රයක 10 වැන්න හෙවත් කර්මස්ථානයෙන් වැඩි යමක් උකහාගත හැකිය. මීට අමතරව 10 වැන්නාධිපති, ලග්නය, ලග්නාධිපති එමෙන්ම 9 වැන්න හා 9 අධිපති හා 4/11 භාවයන්ද අප සැලකිල්ලට ගත යුතුය. 10 වැන්න හා 10 අධිපති ග්‍රහයා මෙහිදී මූලික වනු ඇත.
රැකියාව පිළිබඳ අප විමසා බැලීමේදී ඔබගේ ජන්ම කේන්දරය මෙන්ම නවාංශක කේන්දරය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් ඔබේ හඳහන දෙස විමසිලිමත්ව බැලීමේදී කුඩා කොටු 12කින් යුත් කොටු 2ක් දක්නට ලැබෙනු ඇත. ඒ අපගේ ජන්ම පත්‍රයේ රාශි 12 කින් යුත් කොටු 2ක් තිබෙන නිසාය. එය ලග්න කේන්දරය හා නවාංශක කේන්දරය ලෙසින් අප හඳුන්වයි.
නමුත් අප සමාජයේ බොහෝ විට පලාපල කථනයේදී හා කෙනෙකුගේ ජීවන වෘත්තිය පිළිබඳ විමසා බැලීමේදී ඇතැම් ජ්‍යොතිෂවේදීන් නවාංශකය පිළිබද දක්වන අවදානම ඉතාම අඩුය. නමුත් ලග්නභාවය සේම නවාංශකයද ඉතාම වැදගත්ය. ලග්නයෙන් 50% කොටසක් නවාංශකය තුළ ගැබ්ව ඇත. එසේ නම් අප රැකියාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී ද මෙම ලග්නය සේම නවාංශකය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
රැකියාව ගැන විමසීමේදී කොටු 12 කින් යුත් ඔබේ ජන්ම පත්‍රයේ 10 වන භාවය එසේත් නැත්නම් 10 වන කොටුව පිළිබඳව මූලික අවධානය යොමු කළ යුතුය. එම ස්ථානය රැකියා ස්ථානය හෙවත් කර්මස්ථනය ලෙස හඳුන්වයි. එසේම 10 වැන්නේ සිටින ග්‍රහයන්, ග්‍රහ සංයෝග, ග්‍රහ දෘෂ්ටි සේම 10 වැන්නාධිපතිගේ තත්ත්වය හා එම ග්‍රහයා සිටින භාවය හා එයට යොමු වන ග්‍රහ දෘෂ්ටි පිළබඳව අප අවධානය යොමු කළ යුතුය. එය සියුම්ව නිරීක්ෂණය කිරීම තුළින් ඔබට ලැබෙන රැකියාව පිළිබඳව ඉතාම නිවැරදි නිගමනයකට එළඹීමට දක්ෂ ජ්‍යොතිෂවේදියාට හැකියාව තිබේ. මීට අමතරව ලග්නභාවය හා ලග්නාධිපතිගේ තත්ත්වය 5 හා 9 වන රාශි සේම රැකියා කාරක රවිගේ තත්ත්වය හා ඉහත දැක්වූ භාවයන්වලට යොමු වන ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝග කෙරෙහිද යොමු කළ යුතුය. ඒ වගේම 2 හා 11 වැන්නේත් යම් බලයක් තිබිය යුතුය. කේන්දරයේ 2 වැන්න යනු පුද්ගලයාගේ ධනස්ථානයයි. 11 වැන්න අයස්ථානයයි. ලග්නාධිපති හා ලග්නභාවයේ ශක්තිමත් භාවය රැකියා තත්ත්වයන් කෙරෙහි ඉතාම වැදගත් වේ. එය වැඩිදුරටත් පැහැදිලි කළහොත් ලග්නාධිපතිගේ ශක්තිමත්භාවය යනු ලග්නාධිපති නීච, සතුරු, දුබල මෙන්ම පාප දෘෂ්ටි නොවී බලවත්ව සිටීම හා ලග්නභාවයේ පාප ග්‍රහයන්ගෙන් පාප පීඩිත නොවීමයි. කෙනෙකුගේ ජීවන වෘත්තිය තීරණය වීමට 10 වැන්න නැතිනම් රැකියා ස්ථානය හෙවත් කර්මස්ථානය පමණක්ම බලවත් වීම ප්‍රමාණවත් නොවේ. ඉහත දැක්වූ ආකාරයට හඳහනේ 5 හා 9 යන භාවයන්වලින් කියන්නේ කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම හා උසස් අධ්‍යාපනයයි. කෙනෙකුට උසස් රැකියාවක් ලැබීමට ඔහුට හෝ ඇයට හොඳ අධ්‍යාපන මට්ටමක් හා පෙර පිනක් තිබිය යුතුය. මෙකී තත්ත්වය පැහැදිලි කර ගත හැකි වනුයේ 5 හා 9 යන භාවයන්වල ඇති බලවත් තත්ත්වයන් මතය. එම භාවයන් හා භාවාධිපති ග්‍රහයන් සුබ නම් ඉදිරි රැකියාව පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇතිකර ගත හැකිය. එම භාවයන්වල ගුරු සිකුරු බුධ වැනි ග්‍රහයන් සුබව සිටින කල ඉතාමත් සුබදායක වේ. පාප ග්‍රහයන් අසුබව සිටින කල අසුබවාදී ප්‍රතිඵල උදා වේ.
ග්‍රහයින් 12 දෙනා අතරින් ජ්‍යොතිෂයේදී වැදගත් ග්‍රහයින් 9 දෙනෙකු පමණි. ඒ අතරින් රාහු, කේතු, ඡායා ග්‍රහයින් නිසා ඉතිරි ග්‍රහයින් 7දෙනාට එක් එක් ප්‍රධාන විෂයන් සඳහා කාරක අයිතීන් හිමිව තිබේ. එහිදී රවි ග්‍රහයා රැකියා කාරක ග්‍රහයා ලෙස හඳුන්වයි. සිකුරු විවාහ කාරක මෙන්ම ගුරු පුත්‍ර කාරක ලෙස හැඳින්වෙයි. ගුරු හෙවත් බ්‍රහස්පති සුබ පිහිටීම මෙන්ම ගුරුගේ දෘෂ්ටිය උසස් ඉහළ රැකියාවක් ලබා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වෙනවා. ආලෝක ග්‍රහයින් වන රවි සඳුගේ බලපෑම රැකියාව සඳහා ඉතාමත් අවශ්‍යයි. රැකියාව යන කාරණයේදී රවි සඳු විශේෂ කාර්යභාරයක් ඉටු කරයි.
නවාංශක කේන්දරය රැකියාව සොයා බැලීම සඳහා යොදාගත යුතු අනිවාර්යයෙන්ම නවාංශක කේන්දරයේ 10 වැන්න හා 10 වැන්න අධිපති මෙන්ම රවිගේ පිහිටීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. මීට අමතරව ලග්නයෙන් 10 වැන්නාධිපති උප්පත්තියේදී ගමන් ගත් නැකැත, රවි ගමන් ගත් නැකැත යන කාරණා මෙන්ම කේන්දරයේ 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංශකාධිපති පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුය.
කේන්දරයේ 10 වන භාවයේ හෝ 10 වැන්නාධිපති 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංශකාධිපති වීම රැකියාවට බලපාන්නේ මෙලෙසිනි. හඳහනක 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංශකාධිපති කියන්නේ එම කේන්දරයට අසුබම ග්‍රහයා වේ. ඒ අසුබ ග්‍රහයා මේ රැකියා ස්ථාන තුළට සම්බන්ධ වීම මත රැකියාව පිළිබඳ යම් යම් ප්‍රශ්න හා ගැටලු උදාවීමේ අවදානමක් තිබේ. ලග්න අනුවද රැකියාවේ වෙනස්කම් ඇති වේ. එක් එක් ලග්න අනුව රැකියාවේ විවිධත්වයන් අපට හඳුනාගත හැකිය.
රැකියාව සඳහා ග්‍රහයන්ගේ බලවත් වීම ගුරු වෘත්තිය සඳහා ගුරු හා බුධගේ බලපෑම ප්රමුඛ වන අතර ගණිත හා ඉංජිනේරු වෘත්තීන් සඳහා කුජ ග්‍රහයාගේ හා බුධගේ බලයද එක්විය යුතුය. විනිසුරු හෝ නීතිඥ තනතුරු සඳහා නම් බුධ හා ගුරු යන ග්‍රහයන් දෙදෙනාම බලවත් වී 10 වැන්නට එම ග්‍රහයන්ගේ දෘෂ්ටි විය යුතුය. රවි / බුධ / කුජ හා සෙනසුරු ග්‍රහයන්ගේ දායකත්වයෙන් වෛද්‍ය වෘත්තියට යොමු විය හැකිය. රාඡ්‍ය අංශයේ ඉහළ වෘත්තීන් සඳහා රවිගේ බලපෑම අත්‍යවශ්‍ය වෙයි.
විදේශීය රැකියා කෙරෙහි ග්‍රහ බලපෑම හඳහනේ 10 වැන්න චර රාශියකට යෙදී තිබීමත් රාහු හෝ සඳු චර රාශිගතව සිටීමත් රාහු බලවත්ව 11 වැන්නේත් ගුරු වැනි ග්‍රහයන් 12 වැන්නේ සිටීමත් විදෙස් රැකියා සඳහා සුබදායක පිහිටීම් වෙයි. හඳහනක පුද්ගලයෙකුගේ රැකියාව පිළිබඳ නිවැරදිව විවරණයක් කිරීමට සමස්ත කේන්දරයේම ග්‍රහ ශක්තිය පදනම් කර ගත යුතුය. එවිට නිවැරදිවම සාර්ථක තීරණයක් ගත හැකිය. රැකියාවක් හිමි නොවීමට හෝ තමාට ගැළපෙන තමන් ප්‍රිය කරන රැකියාවක් නොලැබීමට ඔබගේ ජන්ම පත්‍රයේ ඇති පහත සඳහන් දුර්වලතා හේතු වනු ඇත.
10 අධිපති ග්‍රහයාගේ දුර්වලතාවයන් (එම ග්‍රහයා ලග්නයේ මෙන්ම නවාංශකය තුළ නීච සතුරු හෝ පාප පීඩිතභාවයට පත් වීමෙන් අසුබ ග්‍රහ සංයෝග යෙදීමෙන්.)
10 වැන්න තුළ අසුබ හා පාප පීඩිත ග්‍රහයින් තැන්පත් වීමෙන්.
10 වැන්නාධිපති 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති යන අසුබ තත්ත්වයට පත් වීමෙන්
ගුරු රවි බුධ යන ග්රහයින්ගේ බල දුබලතා
ලග්නාධිපතිගේ දුර්වලතාවයන්
ඉහත සඳහන් ග්රහයින්ගේ දුර්වලතාවන් සඳහා ග්‍රහ ශාන්තිකර්ම රාශියක් අපට ජ්‍යොතිෂය තුළ දැක ගැනීමට හැකියාව ඇත.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම - සම්පත් එස්. කල්පගේ