
රෝගියකු සුවපත් කිරීමටද හැකියාව ඇත
යක්ෂ, ප්‍රේත, භූත, පිසාච දෝෂ නැසීමට ප්‍රත්‍යක්ෂයි
108 වරක් ජීවමේදී බල පිහිටුවයි
ආටානාටිය සූත්‍රය ඉතා ප්‍රබල මෙන්ම අසීමිත සුබ උදාකර දෙන ප්රබලතම පිරිත් දේශනයකි. බලගතු යක්ෂ, ප්‍රේත, භූත, අමනුෂ්‍ය බලවේග ඉවත්කර නිවසට, භූමියට මෙන්ම පුද්ගලයාටද ආරක්ෂාව යහපත උදාකරන අතීතයේ මෙන්ම වර්තමානයටද අනාගතයටද සුබවාදි ආකල්ප උදාකර දෙන පිහිට ලබා දෙන සූත්‍ර දේශනා අතර විශේෂිත ස්ථානයක් හිමි වේ.
පිරිත් දේශනාව අවසන් කරනු පිණිස සජ්ඣායනා කරනු ලබන ආටානාටිය සූත්‍රය දසලක්ෂ සියයක් තරම් වු ලෝක පද්ධතීන් කෙරෙහි බලපෑමක් කළ හැකි බැව්ද දැක්වෙන අතර විපස්සි බුදුන්ගේ පටන් බුදුවරුන් සත්නමක් වෙත මින් නමස්කාර කෙරෙන අතර වෙනත් දෙවි දේවතාවන්ද මෙහිදී නම් කෙරේ. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවුවනක් පිරිසට යක්ෂ, ප්‍රේත, භූත, අමනුෂ්යාදින්ගෙන් පැමිණෙන විවිධ උවදුරු වළක්වා ගැනීම සඳහා සිවුවරම් දෙවියන් වෙනුවෙන් වෛශ්‍රවණ දිව්‍ය රාජයා විසින් බුදු රදුන් හට පැවසු බවට කියනු ලබන ආටානාටිය සූත්‍රය ඇසීමට මිනිසුන් වඩාත් ප්‍රිය කරන්නේ යක්ෂයන් ඇතුළු බලවේග එළවීමේ බලයක් මේ සූත්‍රයේ අන්තර්ගතව තිබීම නිසාය. ඒ නිසා භික්ෂුන් වහන්සේද මෙය දේශනා කළේද ඒ පරමාර්ථ මුල් කරගෙන ගෞරවයකින් යුතුවය.
මෙවැනි බලවේග යම් අයෙකුට බලපෑම් කරයිද රෝගියකු සුව කිරීමට පිරිත භාවිත කළ යුතු අන්දම පළමුව මෙන්න. රතන ධජග්ග සූත්‍ර දේශනා කිරීමෙන් එමෙන්ම මුලින් සඳහන් කළ සූත්‍ර නොකියා ආටානාටිය සූත්‍රය කීම නුසුදුසු බවද දක්වා ඇත. එමෙන්ම මස් මාංශ අනුභව කර ඇත්නම් මෙම සූත්‍රය දේශනා කිරීම නොකළ යුතු බවටද මෙම පිරිත නිවසක් තුළ සජ්ඣායනය කළ යුතු බවටද එම අවස්ථාවේ නිවසේ දොර කවුළු සියල්ල වසා තැබිය යුතු බවටද සඳහන් වේ.
ඉතාම පිරිසිදුව මස්, මාංශ අනුභවයෙන් තොරව පස් පවින් වැළකි ආටානාටිය සූත්‍රයට සවන් දීමෙන්ද දේශනා කිරීමෙන්ද මෙවැනි යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය බලවේග ඉවත්කර ජීවිත ආරක්ෂා කරගැනීමටත් දියුණුවට මාර්ග පාදා ගැනීමටත් හැකියාව උදා වේ. විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන් සමඟ කතා කර මෙවැනි බලවේගවලට යම් අයෙකු මැදිවී විවිධ දෝෂයන්ට ලක්ව සිටීනම් ආටානාටිය සූත්‍රය නිසි පරිදි සජ්ඣායනය කිරීම සුබදායක වනු ඇත.
නිවෙස්වල පවතින විවිධ දෝෂ ඉවත්කර ගැනීමට ගුවන්විදුලි රූපවාහිනි නාලිකාවල දිනපතා හෝ ඇතැම් දිනවල විසුරුවා හරිනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනාවලට සවන් දීම තුළින් නිවසට මෙන්ම සැමටද දෝෂ ඉවත්කර යහපතට මාර්ග උදාකර ගත යුතුය. මෙම සූත්‍ර දේශනාවට අනුව යක්ෂ, ප්‍රේත, භූත, අමනුෂ්‍ය දෝෂ ඉවත්කර ගැනීමට අමතරව මෙහි සඳහන් ගාථා තුන යම් පුද්ගලයකුට මළගිය ප්‍රාණකාරයෙක් කවර හෝ අයෙකුගේ ශරීරයට ආවේශ වී ඇත්නම් මල් බුලත් පුටුව සාදා ඒ මත අදාළ පුද පූජා තබා ඒ මත තල තෙල් තබා 108 වරක් ජීවම් කර (මතුරා) ඔහුගේ හෝ ඇයගේ නළල දෙපස සහ අත්පාවල ගාන්න. කුඩා සුරයකට තෙල් දමා පලඳින්න.
එමෙන්ම තිරිවානා ගල් කැටද, වැලිද, මුහුදු වැලිද, අබ, යබර, කපු ඇට අවශ්‍ය ප්‍රමාණයට ගෙන මල් බුලත් පුටුවේ තබා 108 වරක් ජීවම් කර (මතුරා) හිස් අවුන්ස කුප්පි නමයකට දමා නිවසට, වත්තට ඇතුළුවන ස්ථානයේ එක් කුප්පියක්ද අට කොන කුප්පි අටක්ද අලුයම් කාලයේදී වළ දමා නිවස, භූමිය ආරක්ෂා කර ගත හැක.
ඇස්වහ, කටවහ ආදී විවිධ දෝෂවලට කැට ලුණු, වියළි මිරිස්, අඹ, දෙහි කොළ ගෙන මෙම ගාථාවෙන් 108 වරක් මතුරා දුම් අල්ලන්න.
අප්ප සන්නෙහි නාථස්ස -
සාසනේ සාධු සම්මතේ
අමනුස්සෙහි චණ්ඩෙහි - සදා සබ්බිස කාරිහි
පරිසානව තස්සන්ත - මහිසායංච ගුන්තියා
යං දෙසෙහි මහා විරෝ - පරිත්තං තං භණාමහෙ
විපස්සිස්ස නමත්ථු -
චත්තුමන්තස්ස සිරිමතෝ
සිඛිස්සපි නමත්ථු - සම්බ භූතානු කම්පිනෝ
ආටානාටිය සූත්‍රයෙන් කියැවෙන මෙම ගාථා තුන යක්ෂ, ප්‍රේත, භූත, අමනුෂ්‍ය බලවේග නිසා විවිධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දී සිටින සැමට නිසි පරිදි නිසි වත්පිළිවෙත් අනුගමනය කරලීමට ද දෝෂ ඉවත්කර ගැනීමට 108 වරක් මතුරා (ජීවම් කර) බල පිහිටුවා ගන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, වෛද්යාචාර්ය
එම්. එම්. රූපසිංහ