
විදේශගත වූ ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් ගේ ආර්ථිකයට ශක්තියක් විම සඳහා ඔවුන් මී මැසි පාලනයට යොමු කිරිම අරමුණ කොටගත් පුහුණු වැඩසටහනක් ඊයේ (29) ගිරාදුරුකෝට්ටේ, හොබරියාව ගම්මානයේ දී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු හා විදේශ රැකියා කටයුතු අංශය විසින් සිදු කරන ලදි.
ගිරාදුරුකෝට්ටේ, හොබරියාව වසමේ සහ එහි අවට ගම්මානවල හඳුනාගත් විදේශ ශ්‍රමිකයන්ගේ හා මේ සඳහා කැමැත්තක් දක්වන විදෙස් ශ්‍රමිකයන්ගේ පවුලේ අය සඳහා මී මැසි ජනපද පිළිබඳ මූලික පුහුණුවක් ලබා දීමට මෙහිදි කටයුතු කර තිබෙයි.
ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතාගේ උපදෙස් මත බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු හා විදේශ රැකියා කටයුතු නිළධාරී ඩී.එම්.සී.දිසානායක මහතාගේ මෙහෙය වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය ආර්. එම්. පුංචි බණ්ඩා මහතා විසින් සපයා ඇත.