
රට තුළ ගෑස් හිඟයක් පිළිබඳ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කරයි
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ගෑස් ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවයි.
ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඉදිරියේ දී මිල සංශෝධනයක් කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදුකර පාරිභෝගිකයාට එහි වාසිය ලබාදෙන බවයි.
සමාගමට ඉදිරියේදී ලැබෙන තොග සහ ඩොලරයේ අගය මත මිල සංශෝධනය සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.