තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සහතිකයි | Page 3 | සිළුමිණ

තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සහතිකයි

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතු සඳහා ගෙවනු ලබන 9% පොළියට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
 
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද(29) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් දේශීය බැංකු පද්ධතියට හෝ මහජන මුදල්වලට හෝ බැංකු තැන්පතුවලට හෝ කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.
 
දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකළහොත් විදේශිය ණය නොලැබී යා හැකි බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී සදහන් කළේය.
 
විශ්‍රාම වැටුපට කිසිදු බලපෑමක් සිදු නොවන බව කී මහ බැංකු අධිපතිවරයා විදේශ ණය 4% මට්ටමට ගෙන ඒමට සැලසුම් කරන බව ද පැවසීය.
 
මේ අතර මිලියන 57 ක තැන්පත්කරුවන් ආරක්ෂා කරන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යළිත් සහතික විය. ඔහු පැවසුවේ, රටේ බැංකු ක්ෂේත්‍රයේ බිඳවැටීමක් ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙන නිසා බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය බවයි.
 
මේ වනවිටත් 50% කට වැඩි බදු භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන නිසා බැංකු පද්ධතියට තවදුරටත් බරක් නොවන බව ද නන්දලාල් වීරසිංහ මහතා පෙන්වාදුන්නේය.
 
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන තෙක් හෙට(30) බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ද මහ බැංකු අධිපතිවරයා පැවසීය. 

Comments