AIA මිලියන භාගයකට අධික කාන්තාවන් සවිබල ගන්වයි | Page 3 | සිළුමිණ

AIA මිලියන භාගයකට අධික කාන්තාවන් සවිබල ගන්වයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, IFC-DFAT Women In Work වැඩසටහන හා සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන්නා වූ සිය කාන්තා වැඩසටහන වන ‘ඇය සුරකින AIA’ හි පළමු සංවත්සරය, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය වන දමයන්ති ප්‍රනාන්දු, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර සහ ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) වික්ටර් ඇන්තනිපිල්ලේ සහ සාරා ට්විග් ගේ සහභාගීත්වයෙන් නොබෝදා උත්සවශ්‍රීයෙන් සමරන ලදී. තවද දිවයින පුරාවට මෙම වැඩසටහන යටතේ කාන්තාවන් සවිබලගැන්වීම සඳහා සිදුකරන ලද දායකත්වය සහ සාර්ථක මෙහෙවර ඇගයීම සඳහා AIA හි ඉහළ කළමනාකාරිත්වය ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය (IFC), කොමර්ෂල් බැංකුව සහ කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය(WCIC) නියෝජනය කරමින් වෘත්තිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.

Comments