ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සමුළුව 2023 ජුලි මාසයේදී | Page 19 | සිළුමිණ

ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සමුළුව 2023 ජුලි මාසයේදී

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරුවන් සඳහා වන වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL) සහ ඩයලොග් ආසිආටා සමඟ එක්ව පවත්වනු ලබන 'ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සමුළුව 2023' ජුලි 04 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

‘ලාංකේය පුනරුදය ශ්‍රී ලංකාව යළි පුබුදුවාලීම වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණයේ ප්‍රබලබව හුවාදැක්වීම’ මෙවර සමුළුවේ තේමාවයි. මෙම සමුළුව සඳහා Meta, Google, LinkedIn ඇතුළු කීර්තිමත් ගෝලීය සමාගම් නියෝජනය කරන දස දෙනෙකුට අධික කථිකයන් වැඩි පිරිසක් දේශන පැවැත්වීමට නියමිතයි.

Comments