
එකිනෙකට වෙනස් දේවල් අභියෝගයට ලක් කරන්න පුළුවන් චරිත මේ ලෝකේ තියනවා. මේ ද එවැනි චරිතයකි. එකිනෙකට සබඳතාවයක් නැති ක්ෂේත්‍රයන් වල රැදෙමින්, දස්කම් පාමින් දවසින් දවස ජනප්‍රියත්වයේ ඉදිරියට යන්න ඇයට ද හැකියාව ලැබිලා තියනවා. ඇය නමින් වින්ද්‍යා විජේසිංහ.
ඇත්තටම වින්ද්‍යා කියන්නේ කවුද
මම වෘතියෙන් මනෝ උපදේශික සහ චිකිත්සකවරියක්. තවත් අතකින් කිව්වොත් මම ව්‍යාපාරිකාවක්. ක්ෂේත්‍ර ගණනාවකට මගේ සම්බන්ධකම් තියනවා. චිත්‍රපට හා රංග කලා ක්ෂේත්‍රට මම පිවිසෙන්නේ විනෝදාංශයක් විදිහට. දැනට පූර්ණ කාලීනව මම රංගනයේ නියැළෙන්නේ නෑ. මගේ වෘත්තීයත් එක්ක ගොඩක් තෝරා බේරා ගැනිම් වලට පස්සේ තමයි නිර්මාණවලට දායක වෙන්න මම හිතාගෙන ඉන්නේ
ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ අහම්බයකින්ද ?
ඒක අහම්බයක් කියන්න බෑ. පුංචි කාලේදී අපිට හීන තියනවා. ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ,ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මට තිබුණේ ඒ වගේ හීන නෙමෙයි. ක්‍රවුන් එකක් ගන්න ඕනේ, නිරූපණ ශිල්පිනියක් වෙන්න ඕනේ, රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ ආදී මේ ක්ෂේත්‍රයට සම්බන්ධ බලාපොරොත්තු තමයි මට පොඩි කාලේ ඉදලම තිබුණේ. අද මගෙ හීන ඇත්තක් වෙලා. මම දන්න මනෝ විද්‍යාව අනුව යටි සිතේ තැන්පත් වෙලා තියන දේවල් පස්සේ කාලයකදී යථාර්තයක් බවට පත්වෙනවා. හීන හැබෑවීමක් විදිහට තමයි මම මේ ක්ෂේත්‍රයටයට පැමිණීම හඳුන්වන්න කැමති.
මේ සිහින මාවතේ දී දුටු රැජනක් වීමේ සිහිනය පසු කාලීනව ඇත්තක් වෙනවා. ඒ ගැන කිව්වොත්?.
මම 2017 වසරේදී මිස් යුනිවර්ස් තරගයට සහභාගී වෙනවා. එතැනදී මට ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ කුසලතා කිරුළක්. “මිස් කන්ජීනියන් හෙවත් හොඳම හිතවතිය“ යන කුලසතා කිරුළ මම දිනා ගන්නවා. මම එතැනින් නවතින්නේ නෑ. ඊට මාස 2කට පස්සේ පැවැත්වුණ ඛ්ඥරතධද ර්චණඥඵබර කියන තරගයට සහභාගි වෙනවා. එතැනදී මම ව්ධඡඥත Qභඥඥද ඪදබඥපදචබඪධදචත 2017 කිරුළ ජයග්‍රහණය කරනවා. එත් එක්කම තව කුසලතා කිරුළු තුනකුත් ජයග්‍රහණය කරන්න මට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මම ලංකාව නියෝජනය කරමින් පිලිපීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගයට සහභාගි වෙනවා. එම තරගයේදීත් ජයග්‍රහණය කීපයක් රැගෙන තමයි මම ආපහු ලංකාවට ආවේ.
එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක වැඩකටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද?
ඒක ඇත්තටම හරි අසීරු දෙයක්. මම හිතන්නේ අපි ඕනෑම ක්ෂේත්‍රයක ආසාවෙන් ඉන්නවා නම්, කාල කළමනාකරණය කියන දේ එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම තිබුණ හීනයක් නිසා මම රංගන කලාවට ආවා. අනිත් දේ තමයි මිනිස්සු දවස ගානේ මුහුණ දෙන ගැටලු අනිත් අයට වඩා ගැඹුරින් මම දැක්කා. ඒ නිසා තමයි මනෝ චිකිත්සකවරියක් වෙන්න තීරණය කළේ. මම ඒක කරන්නේ වෘත්තීයක් විදිහට නෙමෙයි සේවාවක් විදිහට.
රංගන ශිල්ප ශිල්පීන්ට මනෝ චිකිත්සාව හා උපදේශනය අවශ්‍යයි ද?
අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ අයට විතරක් නෙමෙයි පොදුවේ ගත්තාම අපි හැමෝටම මනෝ උපදේශනය අවශ්‍ය වෙනවා. කලාව කියන්නේ ප්‍රේක්ෂකයන්ට වින්දනීය මාධ්‍යක් වුණත් ඒ ක්ෂේත්‍රයේ නියැළෙන අයට බෝහෝම ආතතියන්, බොහෝ වගකීම් සහිත තැනක්. සමහර වෙලාවට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරිව සියදිවි නසා ගන්න තත්වයට පත්වුණ අවස්ථාත් තියනවා. එනිසා මනස ගැන දැනුම්වත් වෙලා ඉන්නවා නම් අපිට ගොඩාක් ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.
ඔබට එවැනි අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිදුවුණා ද ?
කලාව කියන්නේ හදවතේ හාෂාව. මනෝ විද්‍යාව කියන්නේ මනසේ භාෂාව. මම මේ ක්ෂේත්‍ර දෙක දකින්නේ එකිනෙකට සම්බන්ධ වුණ ක්ෂේත්‍ර විදිහට. කලාව කොයිතරම් සුන්දර දෙයක් වුණත් ඊට සම්බන්ධ වෙලා ඉන්න සමහර පුද්ගලයන් නිසා තමයි ගැටලු ඇවිත් තියෙන්නේ. මම හිතන්නේ කලා ක්ෂේත්‍රය තමයි කැපිලි කෙටිලි වැඩියෙන්ම තියන තැන. මට නම් මේ දේවල් වලට ගොඩක් මුහුණ දෙන්න ලැබිලා නෑ. හේතුව මම කලාවට සම්බන්ධ වෙන්නේ මුලින්ම නිෂ්පාදකවරියක් විදිහට නිසා.
ඔබ තරුණ යුවතියක්. ආදරයක් එහෙම හිතිලා නැද්ද තාම?.
ආදරය ගැන නම් ගොඩක් දේවල් තියනවා කියන්න.
ඔහුත් මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. අපේ ප්‍රේම කතාව තව ටික දවසකින් රසඳුනට කියන්න මම පොරොන්දු වෙනවා.
ඔබේ පෙම්වතා කිව්වොත් රඟපෑම අත් හරින්න කියලා කාවද අත් හරින්නේ?.
මම රඟපෑම කරන්නේ බොහෝම තෝරා බේරා ගැනීමකින්. එනිසා මම හිතන්නේ නෑ එහෙම කරන්න අවශ්‍ය වෙයි කියලා. මම ඉතාම සීමිත නිර්මාණ කීපයකට විතරයි දැනටමත් දායක වෙන්නේ. මම හිතනවා ඒ දෙකම අතහරින්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා. හැබැයි ඒ තීරණය ගන්නම වෙන අවස්ථාවක් ආවොත් මම , මගේ සහකරුවාගේ කැමැත්තට එකඟ වෙලා රඟපෑමෙන් සමුගන්නවා.