ලක්ෂ්මන් කදිරගාමර් අායතනයේ නව විධායක අධ්‍යක්ෂ රවිනාථ ආර්යසිංහ | Page 3 | සිළුමිණ

ලක්ෂ්මන් කදිරගාමර් අායතනයේ නව විධායක අධ්‍යක්ෂ රවිනාථ ආර්යසිංහ

ක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස රවිනාථ ආර්යසිංහ පත් කර තිබේ.

ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ නව විධායක අධ්‍යක්ෂ ධූරයේ වැඩ කටයුතු රවිනාථ ආර්යසිංහ විසින් ඉකුත්දා ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා විදේශ සේවයට අනුයුක්තව සිටි අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ආර්යසිංහ මෙම ධූරයට පත්වීමට ප්‍රථම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, ඇමෙරිකා එක්සත් ජනපදය, බෙල්ජියම, ලක්සම්බර්ගය සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් ජිනීවාහි මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙසත් කටයුතු කර ඇත.

ඔහු පේරාදෙණිය සරසවියෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ සිය ප්‍රථම උපාධියත්, කොළඹ සරසවියෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අතර, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා අපේක්ෂකයෙකි. ඔහු ඇමෙරිකාවේ ජාත්‍යන්තර සේවා පිළිබඳ පාසැලේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හර්ස්ට් සභාධ්‍යායකු ද වෙයි.

Comments