මහ කොමසාරිස් මිලින්ද වාණිජ අන්තර් ක්‍රියාකාරී සැසියක | Page 2 | සිළුමිණ

මහ කොමසාරිස් මිලින්ද වාණිජ අන්තර් ක්‍රියාකාරී සැසියක

නවදිල්ලියේ සමගාමීව පිළිගත් දූත මණ්ඩල සමඟ සම්බන්ධ වීම තවදුරටත් පුළුල් කරමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ වාණිජ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් මහ කොමසාරිස් පරිශ්‍රයේදී පැවැත්වීය.

මෙම සැසිවාරයට බෙලරුස්, සයිප්‍රසය, ඉතියෝපියාව, ජෝර්දානය, කෙන්යාව, අයර්ලන්තය, ඊශ්‍රායලය, පේරු සහ තුර්කිය යන රටවල වාණිජ රාජ්‍යතාන්ත්‍රිකයෝ සහභාගී වූහ.

මෙම හමුවේදී මහ කොමසාරිස් මොරගොඩ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ අරමුදල් පහසුකම් සැලසීම, ඉන්දීය රුපියල් වෙළඳාම සහ ඉන්දියාව සමඟ සැලසුම් සහගත ආර්ථික ඒකාබද්ධතාවය පිළිබඳව සහභාගිවන්නන් යාවත්කාලීන කළේය. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පුළුල් පරාසයක වෙළඳ සහ වාණිජ මාතෘකා සාකච්ඡා කරන ලදී.

Comments