ආණ්ඩුව බඩු මිල අඩු කරන්නේ මාධ්‍යයෙන් පමණයි | Page 3 | සිළුමිණ

ආණ්ඩුව බඩු මිල අඩු කරන්නේ මාධ්‍යයෙන් පමණයි

බඩු මිල අඩු වෙලා කියල ආණ්ඩුව මාධ්‍යවලින් කෑගැහුවත්, අද මන්ද පෝෂණය වැඩි වී ඇති බවත් අද වන විට ජනතාව එක් වේලක් පමණක් ආහාර ගන්නා තත්ත්වයට පත්වී ඇති බවත් සමගිි ජන බලවේගයේ (සජබ) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සිළුමිණට කීය.

“ව්‍යාපාර අැද වැටිලා, රැකියා විරහිතභාවය නිසා ජනතාව දැඩි ආර්ථීක දුෂ්කරතාවයකට පත්වෙලා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇතැයි” සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අවධාරණය කළේය.

පසුගිය මාස 8ක කාලය තුළ ආර්ථික ප්‍රශ්න නිසා හය දෙනකු සියදිවි හානි කරගෙන ඇතැයිද පාසල් දරුවන් ක්ලාන්ත වී ඇද වැටෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments