අර්ථසාධක අරමුදලට ස්වයං ලියාපදිංචිය | Page 2 | සිළුමිණ

අර්ථසාධක අරමුදලට ස්වයං ලියාපදිංචිය

පෞද්ගලික අංශයේ සේවකයන්ට අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තමන් විසින්ම ලබා ගත හැකි ක්‍රමවේදයක් ලඟඳීම ක්‍රියාත්මක කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර සිළුමිණට කීය.

ඒ අනුව ආයතනයක් විසින් අදාළ සේවකයා අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු ලෙස යොමු කර නොමැත්තේ නම් අදාළ සේවකයාට ඍජුවම කම්කරු දෙපාර්තමේන්තුවට ගොස් අයදුම්පතක් පුරවා දී

අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලබා ගත හැකිවනු ඇත.

අනතුරුව අදාළ ආයතනයට දන්වා අර්ථසාධක දායකත්ව මුදල් අය කර ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත. කම්කරු

උසාවිවල විභාග වන නඩු බහුතරයක් සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ නඩු වන අතර නව ක්‍රමවේදය තුළින් මේ තත්ත්වය බොහෝ දුරට වැළකී යනු ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය. වසර 3කට පෙර සේවක අර්ථසාධක අරමුදල් ගෙවූ ආයතන 94,000කට අධික සංඛ්‍යාවක් තිබුණු මේ වන විට එම සංඛ්‍යාව 80,000ක් පමණ දක්වා අඩු වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලින් හෙළිවේ.

පෞද්ගලික අංශයේ සේවකයන් බහුතරයක් වෙනුවෙන් අර්ථසාධක අරමුදල් බැර කිරීමට අදාළ ආයතන ලියාපදිංචි වී නොමැති බව වාර්තා වී ඇත.

Comments