‘ටයිටන්‘ ඉරණම විසදෙන්නට පැය 10කට අඩු කාලයක් | Page 2 | සිළුමිණ

‘ටයිටන්‘ ඉරණම විසදෙන්නට පැය 10කට අඩු කාලයක්

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට ගොස් උතුරු අත්ලාන්තික් මුහුදු කලාපයේදී ඇතුරැදන් වූ ‘ටයිටන්‘ සබ්මැරීනය මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති සිදුවීමකි.  
 
එම සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වෙමින් පවතින බව විශේෂඥයින් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, එහි  ඇති ඔක්සිජන් ප්රිමාණවත් වන්නේ, තවත් පැය 10 කටත් අඩු කාල සීමාවක් සඳහා පමණක් බවයි. 
 
ඉකුත් ඉරිදා සිට සබ්මැරීනය තුළ සිරවී සිටින 5 දෙනා පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැත.
 
සබ්මැරීනයේ ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් විධිමත්ව පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය  විදුලිබලය විසන්ධි වී තිබුණහොත්, එහි සිටින පස්දෙනාට වඩාත් අනතුරුදායක තත්වයකට මුහුණ පෑමට සිදුවන බවයි විශේෂඥයින් පෙන්වා දෙයි.
 
එම නිසා සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කඩිනම් කර තිබේ.  
 
සබ්මැරීනය තුළ ඔක්සිජන් මට්ටම පහත බැසීමත් සමග එහි කාබන්ඩීයොක්සයිඩ් වායු අනුපාතය ඉහළ යාමෙන් එය නිර්වින්දන වායුවක් බවට පත්වීම නිසා සිරවී සිටින පස්දෙනාගේ ජීවිත වඩාත් අවදානමකට ලක්වනු ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
 
මෙහි සිරව සිටින පස්දෙනා වන්නේ Ocean Gate හි ප්‍රධාන විධායක නිලධාරියා වන 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ්, 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන හමීෂ් හාර්ඩින්, 77 හැවිරිදි ප්‍රංශ කිමිදුම්කරුවෙකු වන පෝල් හෙන්රි, 48 හැවිරිදි පාකිස්තාන කෝටිපති ව්‍යාපාරික ෂසාදා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා සුලෙයිමාන් ඩාවුඩ් යන අයයි.
 

Comments