දංඕවිට ලොරියක් වෙළඳසලකට කඩා වදියි | Page 2 | සිළුමිණ

දංඕවිට ලොරියක් වෙළඳසලකට කඩා වදියි

කොළඹ මහනුවර මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරියක් දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ දී ඊයේ ( 21) සවස පාරෙන් ඉවතට පැන වෙළඳසැලක හා ත්‍රිරෝද රථයක ගැටී  සිදුවූ අනතුරකින් ලොරියේ රියදුරා තුවාල ලබා ඇති අතර බරපතළ දේපළ හානි සිදුවී ඇතැයි දං ඕවිට පොලිසිය කියයි. 
 
මෙසේ අනතුරට පත් වී ඇත්තේ අනුරාධපුරය බලා ගමන් කරමින් රථයකි. 
 
ලොරිය කිසියම් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙසේ පාරෙන් ඉවතට පනින්නට ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
ලොරියෙ ගමන්ගත් සහායකයින් දෙදෙනා මෙන්ම මහමග හා අනතුර සිදු වූ ස්ථානය අවට රැඳී සිටි පුද්ගලයින් අනූ නමයෙන් බේරී ඇති අතර තුවාල ලැබූ රියදුරා රෝහල් ගත කර ඇත.
 
සිදුවී ඇති දේපොළ හානි ගණන් බලා නැත. දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතාගේ මෙහෙයවීම මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගම්ලත් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි.

Comments