ලෝක කුසලානයට සුදුස්සන් තේරීම අද සිට | Page 2 | සිළුමිණ

ලෝක කුසලානයට සුදුස්සන් තේරීම අද සිට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (18) සිම්බාබ්වේ හී දී ආරම්භ වේ.
 
තරගාවලිය ඒ සහ බී යනුවෙන් කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්වෙනු ඇත.
 
ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් ඒ කාණ්ඩය යටතේ තරග වදින කණ්ඩායම් 4ක් අතර අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතය.
 
පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවැත්වෙන අතර දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවැත්වේ. 
 
මෙම තරග දෙකම හරාරේ හිදී පැවැත්වෙනු ඇත. 
 
ශ්‍රී ලංකාව සහභාගි වන මුල්ම තරගය හෙට(19) බුලවායෝ හි දී පැවැත් වීමට නියමිතය. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය‍ට එරෙහිවය.

Comments