හල්දුම්මුල්ල, බඹර කන්ද දිය ඇල්ලෙන් පහලට ඇද වැටි පේරාදෙණිය සරසවියේ 24 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි .
ඊයේ(17) දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි සදහන් වේ.
මියගොස් ඇත්තේ බෙලිහුල්ඔය, පඹහින්න ප්‍රදේශයේ පදිංචිව සිටී එච්. එම්. හසංක විකුම් විතාරන නමැති 25 හැවිරිදි සිසුවෙකි.
බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට මිතුරන් පස් දෙනකු සමග සංචාරයක පැමිණ දියනාමින් සිටි අතරතුර මොහු ගැඹුරු දිය වළකට ලිස්සා වැටී ඇති බවයි, පොලිසිය පවසයි.
මෘත ශරීරය දියතලාව රෝහලේ තැන්පත් කර ඇති අතර හල්දුම්මුල්ල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරයි.