
ආණ්ඩුව කියන්නේ විදෙස් ප්‍රේෂණ වැඩිවෙලා කියලා. අපි අහන්නේ එසේ නම් කොහොමද රුපියල අවප්‍රමාණ වන්නේ යැයි සමගි ජන බලවේගයේ (සජබ) මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සිළුමිණට කීවේය. ආණ්ඩුව කෙසේ කීවද ජනතාවට තවමත් ප්‍රතිලාභ කිසිවක් ලැබී නැතැයි ද හෙතෙම අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සජබ මහ ලේකම්වරයා මෙසේද අදහස් දැක්වීය. “රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය දවසින් දවස පහතට වැටෙනවා. ආණ්ඩුව මොන දේ කිව්වත් අපේ රට බංකොළොත් වෙමින් පවතින බවයි. ඉදිරියේදී ආණ්ඩුවට වසරකට ඩොලර් බිලියන හතක් ප්‍රතිව්‍යුහගත කර ඇති ණය ගෙවීමට සිදුවනවා. ණය ගෙවීම ආරම්භ කළ පසු ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. විදෙස් ප්‍රේෂණ වැඩි වෙලා කිව්වත් විදෙස් ප්‍රේෂණ වැඩි වෙලා නැහැ. මේ අර්බුදයට කලින් විදෙස් ප්‍රේෂණ ලැබුණ තරම් මුදලක් තවම ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ගැන කිසිදු විශ්වාසයක් ජනතාවට නැහැ.”