
සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ජ්‍යොතිෂයේ නිතර කතාබහට ලක්වන අප සෑම සියලු දෙනාගේම අවධානයට ලක්වන නව ග්‍රහයින් අතරින් ප්‍රධාන වූ පාපී ග්‍රහයෙකි. සපලවලට වඩා අපල බාධා හා පීඩා ඇති කරන ග්‍රහයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් සෙනසුරු ජුනි 18 වන ඉරු දිනයේදී තවත් ග්‍රහ පෙරළියකට සූදානමි වේ. එනම් ග්‍රහ බල බිඳි පෙරළිකාර ශනි, පස් මසක් වක්‍ර ග්‍රහ ගමනේ යෙදීමට සූදානමි වේ. ඒ අනුව සෙනසුරු ජුනි මස 18 රාත්‍රී 10.59 ට කුම්භයේ වක්‍ර වනු ඇත.
පසුගිය මාස හයකට ආසන්න කාලයක සිට රාශි වළල්ලේ කුම්භ රාශියේ බලවත් වූ ප්‍රමුඛ රාශි ගතව ඉදිරියට පැමිණි සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එළඹෙන ජුනි මස 18 වන ඉරිදා දින සිට මෙතෙක් කුම්භ රාශිගතව ඉදිරියට ගමන් කළ ශනි ග්‍රහයා වක්‍ර ග්‍රහ ගමනකට යොමු වනු ඇත. එනම් ශනි වක්‍ර වීම හෙවත් රාශි චක්‍රයේ පසුපසට ගමන් කිරීමයි. ඒ අනුව මාස 5 කට ආසන්න කාලයක් සෙනසුරු වක්‍ර ගමනේ යෙදෙනු ඇත. ඒ අනුව සෙනසුරු ග්‍රහයා එළඹෙන 2023 නොවැම්බර් මස 04 වන දින ප.ව 12.34 දක්වා ගෝචර ගමනින් මෙම වක්‍ර ග්‍රහ ගමනේ යෙදෙනු ඇත. ඉන් අනතුරුව නැවතත් 2023 නොවැම්බර් මස 04 වන දින ප.ව 12.34න් පසු ඉදිරිය බලා පිවිසෙනු ඇත.
මෙම තත්ත්වය 2023 අග භාගය වන තෙක් පවතිනු ඇත. සෙනසුරු වැනි පාප ග්‍රහයෙකු වක්‍ර වීම හෙවත් ආපසු පසුපසට ගමන් කිරීම ගුරු වැනි සුබ ග්‍රහයෙකු වක්‍ර වීමට වඩා සුබදායක වනු ඇත. ඒ අනුව පසුගිය කාලය පුරා සෙනසුරුගෙන් වූ බොහෝ පීඩාකාරී හා බාධාකාරී තත්ත්ව මෙම ශනිගේ වක්‍ර වීමත් සමඟ යම් පමණකට සමනය වනු ඇත. ඒ අනුව සෙනසුරු වක්‍ර වීම යනු යම් අස්වැසිල්ලක් වනු ඇත.
ග්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයෙකු වන දුකට අධිපති ශනි ග්‍රහයා නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. මකර හා කුම්භ යන රාශිවලටද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලද හිමිකාරීත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්ච වී මේෂ රාශියේදී නීච වෙයි. සූර්යාගේ සිට සැතපුම් 886779900ක මධ්‍යයන දුරකින් පිහිටා ඇති අතර සෙනසුරු ග්‍රහයාගේ විෂ්කම්භය සැතපුම් 76500 වෙයි. භ්‍රමණ වේගය පැයට සැතපුම් 21221 ක් වෙයි. සෙනසුරු වටා චන්ද්‍රයන් 09 ක් සිටින අතර එය වෙනත් ග්‍රහයන්ට නොමැති විශේෂත්වයකි. විස ධූම වළලු 07 ක් සෙනසුරු වටා ගමන් කරනු ලැබෙයි. එබැවින් සෙනසුරුගෙන් නිකුත් කරනු ලබන කිරණ පෘථිවියට ලැබෙන්නේ අසුබ කිරණ වශයෙනි. පැය 10 විනාඩි 02ක් තුළ තමා වටේ භ්‍රමණය වන බැවින් සෙනසුරුගේ සෑම පැතිකඩක්ම පෘථීවිය මත සෑම පැය 24 කටම දෙවරක් පතිත වෙයි.
අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන් අතරින් නව ග්‍රහයින් ප්‍රධාන කොට ගනිමින් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී පලාපල විමසනු ලබනවා. පෘථීවියට වඩාත්ම බලපෑමක් සහිත ග්‍රහ තාරකාවන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා ඡයා ග්‍රහයින් දෙපළ වන රාහු හා කේතු නිරන්තර චලිතයක හෙවත් ග්‍රහ ගමනක යෙදී සිටිනවා. එහිදී සඳු දින දෙකහමාරකදී රාශියක් මාරු කරන අතර රවි, කුජ, බුධ, සිකුරු, යන ග්‍රහයන් මාසයක් හෝ දින 45 කාලයකදී රාශි මාරු කරන අතර ගුරුත් රාහු හා කේතුත් වසරකට ආසන්න කාලයකදී රාශි මාරු කරනු ලබනවා. ඒ අතරින් ජ්‍යොතිෂයේදී පාපී ග්‍රහයෙකු ලෙස හඳුන්වන සෙනසුරු රාශියක් මාරු කරනු ලබන්නේ වසර දෙකහමාරක පමණ කාලයකදීය. එය අපට බලපෑම් කරන ග්‍රහයින් අතරින් ගත් කල ඉතාම දීර්ඝ කාලයක් එක් රාශියක ගත කිරීමකි. සෙනසුරු යනු ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයෙකි. එම ගමන පදනම් කොට ගනිමින් මිනිසාට හා ස්වභාවධර්මයාට විවිධ වූ බලපෑම් එල්ල වනු ලබනවා.
වසර දෙකහමාරක් එක රාශියක ගත කර වසර තිහක් පුරා චක්‍රය වටා කරකැවෙමින් ඒ ඒ රාශිවලට ඒරාෂ්ටක බලය ඇති කරමින් විවිධ වූ අපල හා පීඩාකාරී තත්ත්වයන්ට මිනිසා ගොදුරු කිරීම මේ සෙනසුරුගේ සිරිතයි.
ලෞකික අනිෂ්ට ග්‍රහයෙකු වන සෙනසුරු 3, 6 හා 11 යන භාවයන්වලදී පමණක් සුබ පල ලබා දෙන ශනි ග්‍රහයා අනෙකුත් සියලු භාවයන්වලදී ලබා දෙන්නේ අසුබ පලයි. කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියෙකු ලවා පරීක්ෂා කර ගැනීම තුළින් සෙනසුරුගේ සුබ අසුබ ඉතාම පැහැදිලිව දැන ගැනීමෙන් ඊට අදාළ නිවැරදිව ග්‍රහ ශාන්ති කර්මය ඉටු කරගැනීමේ හැකියාව ඇත.
සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා අපේ නව ග්‍රහ මණ්ඩලයේ 7 වන ග්‍රහයා වන අතරම ඔහු නපුංසක ග්‍රහ ලොවක් ලෙසද හැඳින්වේ. සතියේ දිනයක්ද සෙනසුරු වෙනුවෙන් වෙන් කර දී ඇත. අපේ ග්‍රහ මණ්ඩලයේ සිටින තදබල කේන්තිකාරයාද වන්නේ සෙනසුරුය. එසේම අයුෂ්කාරකයාය. මේ අනුව ශාරීරික පීඩා, නඩුහබ, කල් පවතින රෝගාබාධ ඇති කිරීම මෙන්ම ආයුෂවලටද බලපෑම් ඇති කිරීමට සෙනසුරු සමතෙකි. කළු පාටට හුරු නිල් වර්ණයෙන් යුතු ශනි ග්‍රහයා තමාගේ වාහනය ලෙස අප හට හුරු පුරුදු කපුටා තෝරාගෙන ඇත. සිය වාසස්ථානය ලෙස නුග වෘක්ෂය තෝරාගන්නා සෙනසුරු බටහිර දිශාවට අධිපතිත්වය දරයි. කාක නිල ශනිට හිමි මැණිකයි. අප සෞර ග්‍රහ මණ්ඩලයේ නායකත්වය දරන සූර්යයා හෙවත් හිරු සෙනසුරුගේ පියා ලෙස සලකනු ලබයි. නමුත් මෙම පිය පුතු දෙදෙනා පරම සතුරන්ය. සිය ආහාරය ලෙස නරක් වූ කුණු මාංශ ආහාරය ලෙස ගන්නා සෙනසුරුගේ කක්ෂය වටා පවතින විෂ වායු ධාරාවන්ගෙන් පිරි වළලු නිසාවෙන් ශනි ග්‍රහයා වාතයට අධිපති ග්‍රහයා ලෙස ද සලකනු ලබයි. දුකට අධිපති සෙනසුරු ජ්‍යොතිෂයට අනුව අප ජන්ම පතේ සිටින ප්‍රබල පාපී ග්‍රහයෙකි. දීර්ඝ කාලයක් එක් රාශියක රැඳී සිටිමින් විවිධාකාරයෙන් මනුෂයින්ට අපල උපද්‍රව ඇති කරමින් බලය එල්ල කරන සෙනසුරු තම තමන්ගේ ජන්ම පත්‍රවල පිහිටා ඇති ආකාරය අනුව සැම විටම එසේ අපල උපද්‍රව එල්ල නොකරන අවස්ථාද අපට දැකගත හැකිය. සෙනසුරු හොඳට සිටිය කල ජන්මියා ඉහළටම ඔසවා තැබීම සෙනසුරුගේ සිරිතයි. ශනි අපලයෙන් මිදීම සඳහා ඇති ග්‍රහ ශාන්තිකර්ම පිළිබඳව බොහෝ දෙනා අවධානය දක්වන්නේ ඒ නිසාය. ශනි වක්‍ර වීම ඔබගේ ලග්නයට කෙසේ බලපානු ඇද්ද?
මේෂ - මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපළ ලාභ ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සවවලට හා සමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබදායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇතිවන කාලයකි.
වෘෂභ - නිතරම ගමන්බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතුවලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුළ ගැටලු ඇතිවීමට කරුණු යෙදෙනු ඇත. නඩුහබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමඟ කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇතිවීමට හැකි තත්ත්වයක් පෙන්නුමි කරයි. කරගෙන යන රැකී රක්ෂාවලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. විවාහ අපේකෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි.
මිථුන - සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාඡය කළ හැකි කාලයකි. දේපළ දියුණු වන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාරපාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබ පල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරු වීම් හෝ උසස් වීම් සඳහා සුබ පල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමඟ ගමන්බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාඡයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත.
කටක - මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශීෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුබ පල උදා කරන කාලයක් නොවනු ඇත. දරු පල බලාපොරොත්තු වන ඔබට ද මෙම කාලය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදමි සහිත කාලයක් වෙයි. ප්‍රේම සම්බන්ධ පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යෑමට හැකිය.
සිංහ - වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මවු පාර්ශ්වයේ නෑදෑ කෙනෙකුට යම් අපලදායක තත්ත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවණතාවක් පවතී. ඔබට වැඩිහිටි නෑදෑයින්ගෙන් දේපළ හා යානවාහන ලැබීමේ අවස්ථා උදා වනු ඇත. රැකීරක්ෂා කටයුතුවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වේ.
කන්‍යා - ශනි ගෝචර වීම මත වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේනම් ඒ සඳහා බාධා හා කරදර විටින්විට ඇතිවිය හැකිය. යානවාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය.
තුලා - ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්සන අඩු වන අතර ශරීර ශක්තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදමි ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තදබල අගහිඟතා ඇති වීමට හැකිය. ඔබ විවාහකනම් තම පවුල තුළ යම් ගැටලු හා ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. පහසුවෙන් දත් දිරා යාමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇතිවීමට හැකියාවක් පවතී. මුහුණේ ලප කැළැල් ඇතිවිය හැකිය.
වෘශ්චික - බලාපොරොත්තු රහිත අධික වියදමි ඇතිවිය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇතිවීමට හැකිය. මෙම කාලයේ නඩුහබවලට යාමෙන් ඒවායින් ජය ගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. රැකියා ස්ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඹබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය.
ධනු - ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර ධන හානි ඇති කරයි. අතේ මුදල් නොරැඳෙන කාලයකි. මෙම කාලය තුළ නීතිමය ප්‍රශ්න ඇතිවිය හැකිය. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටු වීමේ ප්‍රමාදයක් ඇතිවන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්ථානවල යම් ගැටලු ඇතිවීමට හැකියාව පවතී. ඔළුවේ කැක්කුම්, ස්නායු ආබාධ, මුත්‍රාබාධ වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම් එම කාරණා සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවක් පවතී. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය.
මකර - ඔබට සම පල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමි වේ. දරු පල අපේක්ෂිත අයට දරු පල උදා වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදා චේ. රැකියා අංශවල විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට දක්ෂතා ගෙන දෙයි.සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය.
කුම්භ - ඔබට මෙම කාලය මිශ්‍ර පල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ අතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉඳිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මඟින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත.
මීන - ඔබට මධ්‍යම සුබ පල දායකයි. අවිවාහක අයට මංගල යෝජනා උදා චේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බෙහෝ විට උදාවේ. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ කීර්ති ප්‍රශංසා ද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමඟ මතභේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇත. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ ඇත. නව නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබය. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමි වනවා ඇත.
ජ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම,
සම්පත් එස්. කල්පගේ