Cargills Square කටුබැද්දේ විවෘත වෙයි | Page 2 | සිළුමිණ

Cargills Square කටුබැද්දේ විවෘත වෙයි

ස්වදේශීය ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Cargills විසින් ලාංකේය සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුබැද්ද Cargills Square වෙළෙඳ සංකීර්ණය විවෘත කරන ලදී.

Cargills Food City සුපිරි වෙළෙඳසැල්, KFC අවන්හලක්, තවත් අවන්හල් කිහිපයක් සහ විශාල පරිමාණයේ Food Court එකක් සමඟින් නිම වූ Cargills Square තුළ, නවීන ත්‍රිමාණ තාක්ෂණයෙන් බලගැන්වුණු සිනමා ශාලා ඇතුළුව සිනමා ශාලා 03 ක් ඇතුළත් වේ. මෙසේ විවෘත වූ කටුබැද්ද සිවුමහල් Cargills Square සංකීර්ණය, එකම වහලක් යටින් චිත්‍රපට නැරඹීමේ අවස්ථාව මෙන්ම Cargills Food City වෙතින් භාණ්ඩ මිල දී ගැනීම සහ තවත් බොහෝ විනෝදජනක අත්දැකීම් විඳගැනීමට පාරිභෝගිකයන් වෙත ඉඩ සලසා දී තිබේ.

Comments