
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් සඳහා ශ්‍රී ලාංකිකයන් 2000කට මේ වසර ඇතුළතදී රැකියා අවස්ථා ලබා දීමට ඊශ්‍රායලයේ ජනගහන සංක්‍රමණ අධිකාරිය එකඟ වී තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා මෙසේ හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයන් 372කට රැකියා වරම් හිමි විය. 60 වන ශ්‍රමික කණ්ඩායම ලෙස තවත් කණ්ඩායමක් ජුනි 13දා ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතය.