විකාශන අධිකාරී පනතේ කෙටුම්පත ඉදිරි දෙසතිය තුළ | Page 4 | සිළුමිණ

විකාශන අධිකාරී පනතේ කෙටුම්පත ඉදිරි දෙසතිය තුළ

විද්‍ය ුත් මාධ්‍ය ආයතන විකාශන අධිකාරී පනතේ අවසන් කෙටුම්පත ඉදිරි දෙසතිය තුළ ඉදිරිපත් කිරීමට නියමිතය.

විද්‍යත් මාධ්‍ය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීම උදෙසා අදාළ ප්‍රතිපත්තිමය කරණු නිර්ණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අතර එහි සාමාජිකයන් ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානයක්කාර කටයුතු කරනු ලබයි.

එම අනුකාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද කරුණු ඇතුළත් මූලික කෙටුම්පත මේ වනවිට සකස් කර ඇති අතර, එම කෙටුම්පත විද්‍ය ුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ ද අදහස් හා යෝජනා පිළිබඳව ද අවධානය යොමු කරමින් අවසන් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි. ඒ සඳහා වන අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විද්‍ය ුත් විකාශකයන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන සහ නොදරන සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ආයතන නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

එහිදී මාධ්‍ය ආයතන නියෝජිතයන් මෙම පනත් කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කිරිම සඳහා කෙටුම්පතේ සිංහල පිටපතක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව එකඟතාව පළ විය. කෙටුම්පත අධ්‍යයනය කර අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා සිය අදහස් හා යෝජනා ලිඛිතව ලබාදීම සඳහා තවත් සීමිත කාලයක් ලබා දෙන ලෙසද මාධ්‍ය ආයතන නියෝජිතයන් ඉල්ලීමක්‌ කරන ලදී. ඒ අනුව ඉදිරි දෙසතිය තුළ ඔවුන්ගේ ද අදහස් ඇතුළත් කරමින් අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා දෙපාර්ශ්වයේම එකඟතාව පළ විය. ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර, අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට, අතිරේක ලේකම්වරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

Comments