මංකිපොක්ස් ගැන ජනතාවට දැනුම් දීමක් | Page 3 | සිළුමිණ

මංකිපොක්ස් ගැන ජනතාවට දැනුම් දීමක්

මේ සතිය මුලදී මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ වෛරස් ආසාදනය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
මේවන විට ශ්‍රී ලංකාවෙන් හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකි. 
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටියේ මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණයවීම ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව ය.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මංකිපොක්ස් ආසාදනය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් මාස තුනකට පසුව, එනම් 2022 නොවැම්බර් මාසයේදී පළමු ආසාදිතයින් දෙදෙනා හඳුනා ගන්නා ලදී.
 
මංකිපොක්ස් යනු Poxviridae පවුලට අයත් වෛරසයක් නිසා ඇති වන දුර්ලභ වෛරස් ආසාදනයකි. මෙම වෛරස් සතුන්ගෙන් මිනිසුන්ට සෘජුව හෝ වක්‍රව සම්ප්‍රේෂණය වේ.

Comments