මාර්ග කිහිපයක් ආශ්‍රිතව උද්ඝෝෂණ වළක්වමින් අධිකරණ නියෝගයක් | Page 4 | සිළුමිණ

මාර්ග කිහිපයක් ආශ්‍රිතව උද්ඝෝෂණ වළක්වමින් අධිකරණ නියෝගයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත. 
 
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින්  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොටා පාර, මැතිවරණ කාර්යාල ප්‍රවේශ මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක අදට (08) නියමිත උද්ඝෝෂණ ව්‍යාපාර වළක්වාලමින් එම නියෝග ලබා දී තිබේ. 
 
වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම තහනම් නියෝග ආඥාව නිකුත් කර ඇත.

Comments