ගෑස් මිල පහතට – සියළු මිල ගණන් මෙන්න | Page 2 | සිළුමිණ

ගෑස් මිල පහතට – සියළු මිල ගණන් මෙන්න

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. 
 
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,186කි.
 
කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.
 
කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.

Comments