MAS Holdings ජනාධිපති සම්මානයක් දිනයි | Page 2 | සිළුමිණ

MAS Holdings ජනාධිපති සම්මානයක් දිනයි

දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings, පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ආදර්ශමත් කැපවීම උදෙසා 2021 - 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය. පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධාන කරන ලද මෙම සම්මාන උළෙල 2023 අප්‍රේල් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පරිසර සංරක්ෂණය, පරිසර හිතකාමී කර්මාන්තයක් ගොඩනැගීම සහ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් සඳහා සමාජය දිරිමත් කිරීමට දක්වන සුවිශේෂී දායකත්වය අගයමින් MAS Holdings රන් සම්මාන දෙකකින්, ලෝකඩ සම්මානයකින් සහ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.

Comments