ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බිලියන 12.47ක ලාභයක් | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බිලියන 12.47ක ලාභයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද, සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 274 දක්වා සහ ජීවිත අරමුදල රු. බිලියන 156.7ක් දක්වා ඉහළ නංවාගනිමින් රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතන ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

A(lka) ෆිච් ශ්‍රේණිගත කිරීම හිමිකරගෙන ඇති එකම ශ්‍රී ලාංකේය රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයයි.

 

Comments