
හෝමාගම පිටිපන ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපයේ ප්‍රදර්ශනය කෙරෙන ‘නීලගිරි‘ ධාතූන් වහන්සේ නීලගිරි දාගැබේ සංරක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව යළි දාගැබේ නිධන් කිරීමට අදහස් කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සිළුමිණට කීය.
පොසොන් පුර පසොළොස්වක පුන් පොහෝ දින හෝමාගම - පිටිපන පොසොන් කලාපයේදී ආරම්භ වූ නීලගිරි ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය 5 වෙනිදා දක්වා පැවැත්වේ.
මේ කාර්යයයේ ප්‍රධානත්වය ගනු ලබන්නේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ය. ඒ සඳහා සහාය ලබා දෙනු ලබන්නේ ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගේ අධීක්ෂණයෙන් මේ සියලු කටයුතු සිදු කෙරේ.